උතුරු පළාතේ වෛද්‍ය සහ අධ්‍යාපනික පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ජපානය සිය සහය ලබාදෙයි
2025/2/11

පෙබරවාරි 11 වැනිදා ජපන් තානාපති ගරු අකිඔ ඉසොමතා මහතා සිය පළමු උතුරු පළාත් සංචාරයේදී මානුෂීය සංවර්ධන සංවිධානය [Humanitarian Development Organization (HDO)] සහ නෆීල්ඩ් බිහිරි සහ අන්ධ පාසල් යන රාජ්‍ය නොවන සංවිධාන දෙකක් සමඟ " බිම් මට්ටමේ මානව ආරක්ෂණ ව්‍යාපෘති සඳහා ආධාර ප්‍රදාන (GGP)" වැඩසටහන යටතේ ආධාර ප්‍රදාන ගිවිසුම් දෙකක් අත්සන් කළේය.
මේ සඳහා අත්සන් තැබීම උතුරු පළාත් ආණ්ඩුකාර ගරු නාගලිංගම් වේදනායහන් මහතා ඉදිරියේ යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු විය.

උතුරු පළාතේ වෛද්‍ය සහ අධ්‍යාපනික පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම ව්‍යාපෘති සඳහා ජපන් රජය ඩොලර් 173,659 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 50) වෙන් කර ඇත. විශේෂයෙන්ම අවදානම් අවම කිරීම ප්‍රවර්ධනය කිරීමේදී, ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශවල සංවර්ධනයට සහායවීම ශ්‍රී ලංකාවට ලබාදෙන ජපානයේ නිල සංවර්ධන ආධාරවල ප්‍රමුඛතාවයක් ලෙස පවතී.

HDO සංවිධානය මගින් “පලෙයි ප්‍රාදේශීය රෝහල සඳහා වෛද්‍ය වාට්ටුවක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය” ක්‍රියාත්මක කිරීම මගින් පලෙයි ප්‍රාදේශීය රෝහලේ නව නේවාසික රෝගී වාට්ටුවක් ඉදිකිරීම තුළින්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරීමට උපකාර කරයි. මෙම රෝහල නැවත පදිංචි වූ පුද්ගලයින් 14,927 දෙනෙකුට පහසුකම් සලසන අතර, දැනට ඔවුන් දැඩි ජනාකීර්ණ බවකින් හා ප්‍රමාණවත් නොවන සනීපාරක්ෂක පහසුකම් වලින් පීඩා විඳිති.

“උතුරු පළාතේ බිහිරි සහ අන්ධ පුද්ගලයින් සඳහා වූ නෆීල්ඩ් පාසල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය” දරුවන්ට ආරක්ෂිත සහ සුවපහසු ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කරයි. ශ්‍රී ලංකාව පුරා සිටින බිහිරි සහ අන්ධ ළමුන් සඳහා නොමිලයේ අධ්‍යාපනය සහ නේවාසික පහසුකම් සපයන එකම දෙමළ භාෂා ආයතනය නෆීල්ඩ් පාසලයි. මෙම ව්‍යාපෘතිය මගින් පාසලේ විදුලිබල සැපයුම් ආරක්ෂාව, සනීපාරක්ෂාව සහ නේවාසිකාගාර පහසුකම් ද වැඩි දියුණු කරනු ඇත.
ශ්‍රී ලංකාව තුළ, විශේෂයෙන් උතුරු පළාතේ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට සහ තිරසාර වර්ධනයට සහය දැක්වීමට ජපානයේ කැපවීම තානාපති ඉසොමතා මහතා මෙහිදී යලි තහවුරු කළේය.