පිළිකා රෝග වලින් පීඩා විඳින දරුවන් සඳහා ඉදිකරන ලද සුවතා උද්‍යාන සහන සත්කාර මධ්‍යස්ථානය විවෘත කෙරේ
2025/2/15

ජාත්‍යන්තර ළමා පිළිකා දිනය යෙදී තිබූ පෙබරවාරි මස 15 වැනිදා ජපන් තානාපති ගරු අකිඕ ඉසොමතා මහතා විසින් “බිම් මට්ටමේ මානව ආරක්ෂණ ව්‍යාපෘති සඳහා ආධාර ප්‍රදාන වැඩසටහන [Grant Assistance for Grassroots Human Security Projects (GGP)] ” යටතේ ඉදි කරන ලද පිළිකා රෝග වලින් පීඩා විඳින දරුවන් සඳහා වන “සුව අරණ” සහන සත්කාර මධ්‍යස්ථානයේ සුවතා උද්‍යානය භාරදීමේ උත්සවයට සහභාගී විය.

සුව අරණ සහන සත්කාර මධ්‍යස්ථානය ක්‍රියාත්මක වන ඉන්දිරා පිළිකා භාරයේ සභාපති වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මහත්මිය විසින් සමස්ථ සුවතා උද්‍යානයේ කාර්යභාරය ඉස්මතු කරමින්, පිළිකාව මනසට, ශරීරයට සහ ආත්මයට බලපාන බව අවධාරණය කරනු ලැබූ අතර, මෙම සුවතා උද්‍යානය මගින් රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සැනසීම ඇතිකර ගැනීමටත්, නවතාවයෙන් යුතුව ලෝකය දැකිමට සහ ධනාත්මක ශක්තිය ලබා ගැනීමටත් හැකිවන පරිදි ඉතා සාමකාමී පරිසරයක ඉඩ සලසා දෙන බව පවසනු ලැබුවාය.

මෙම ව්‍යාපෘතිය රෝගීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අයගේ කරදර සහ කනස්සල්ල දුරු කරමින් ඔවුන්ට සතුටින් හා ගෞරවාන්විතව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට දායක වී ඇති බව පැවසූ තානාපති ඉසොමතා මහතා ඒ පිළිබඳව සිය සතුට පළ කළේය. ජපන් ළමා ආගන්තුක සත්කාරය සමඟින් ඉදිරියේදී සිදු කරන අදහස් හුවමාරුව තුළින් සහන සත්කාරය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට හැකිවනු ඇතැයි ද ඔහු සිය බලාපොරොත්තුව පළ කළේය.