UNFPA සහ ජපන් රජය උතුරු පළාතේ සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කරයි
2025/2/12

ජපාන රජයේ නොමසුරු සහයෝගය ඇතිව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල [United Nations Population Fund (UNFPA)] ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ මාතෘ සහ ළමා සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම සඳහා වැදගත් මූලාරම්භයක් ගෙන ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්ව ක්‍රියාත්මක කරන ලද මෙම මූලාරම්භය ගැබිණි මවුවරුන්ට සහ ළදරුවන්ට ගුණාත්මක සත්කාර සඳහා වැඩි දියුණු ප්‍රවේශයක් සහතික කරමින් යාපනය, කිලිනොච්චිය සහ මන්නාරම දිස්ත්‍රික්කවල ගැබිණි මව්වරුන් සහ ළදරුවන් සඳහා සෞඛ්‍ය සේවා ප්‍රවේශය සහ සේවා සැපයීම වැඩිදියුණු කිරීම අරමුණු කරයි.

2025 පෙබරවාරි 12 වන දින උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සායනයේදී, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු අකිඕ ඉසොමතා මහතා සහ UNFPA නියෝජිත කුන්ලේ අදෙනියි මහතා විසින් රුපියල් 34,089,250.70 ක් වටිනා සෞඛ්‍ය පහසුකම් 8 ක් ප්‍රදානය කරන ලද අතර, ජපානයේ මූල්‍ය ආධාර ඇතිව UNFPA විසින් අවශ්‍ය උපකරණ ලබා දී ඇත. මෙම සෞඛ්‍ය පහසුකම් ප්‍රදානය කර ඇත්තේ, වංකාලෙයි ප්‍රාදේශීය රෝහල (මන්නාරම), නානාට්ටන් ප්‍රාදේශීය රෝහල (මන්නාරම), වෙඩිතලතිව් ප්‍රාදේශීය රෝහල (මන්නාරම), මරුතන්කර්නි හි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සායනය හා මාතෘ වාට්ටු, කයිට්ස් හි මධ්‍යම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සායනය (යාපනය), චන්කානයි හි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මධ්‍යස්ථානය (යාපනය) සහ අනනිවිලුන්දන් කිරංචි හා පරන්තන් ආරු (කිලිනොච්චිය) හි ග්‍රාමෝදය සෞඛ්‍ය මධ්‍යස්ථානය යන ස්ථාන සඳහාය. මෙම පහසුකම් වලට අමතරව, ජපාන රජය සහ UNFPA විසින් චන්කානෙයි හි වෛද්‍ය නිලධාරි කාර්යාලය ප්‍රතිසංස්කරණය කර ඇත.

මාතෘ වාට්ටු වල ගුණාත්මක සත්කාර ඉහළ නැංවීම, අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය ශක්තිමත් කිරීම සහ ග්‍රාමීය සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම මෙම මූලාරම්භයේ ප්‍රධාන අරමුණු වලට ඇතුළත් වේ. මෙම පහසුකම් නවය ප්‍රතිසංස්කරණය කිරීම අඩු පහසුකම් සහිත ප්‍රදේශවල සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් ශක්තිමත් කිරීමේ තීරණාත්මක පියවරක් නියෝජනය කරයි. ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සේවා සහ තොරතුරු වලින් සෑම මසකම ප්‍රතිලාභ ලබන මව්වරුන් සහ ළදරුවන් 450ක පමණ ඇස්තමේන්තුගත ප්‍රමාණයක් සමගින් සිදු කෙරෙන මෙම මූලාරම්භය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සෞඛ්‍ය සම්පන්න ගැබ් ගැනීම් සහ ආරක්ෂිත දරු ප්‍රසූතිය සහතික කිරීමේ පියවරකි.

UNFPA, ජපාන රජය සමග සහයෝගයෙන් සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමට සහ ශ්‍රී ලංකාවේ ගුණාත්මක සෞඛ්‍ය සේවාවන්, විශේෂයෙන් මාතෘ සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය සහතික කිරීම සඳහා කැපවී සිටී.