ජපාන තානාපතිවරයා ‘Pathways to Peace’ ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලබන ව්‍යවසායිකාවන් හමුවෙයි
2025/2/13

2025 පෙබරවාරි 13 (මුලතිව්, ශ්‍රී ලංකාව): ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු අකිඕ ඉසොමතා මහතා, ‘Pathways to Peace’ හෙවත් ‘සාමයට මාවත්’ ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ලබන උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ ව්‍යවසායිකාවන් හමුවිය. ජපාන රජයේ අරමුදල් මගින් එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය සහ ක්‍රයිසලිස් සංවිධානය විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර සංවධර්නය සහ ව්‍යවසායකත්වය පිළිබඳ පුහුණු වැඩසටහන්වල ප්‍රගතිය මෙම සංචාරෙය්දී අධීක්ෂණය කරන ලදී.
අනුරාධපුර, මඩකලපුව, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්ක හතර පුරා ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන මඟින් ව්‍යාපාර සැලසුම්කරණය, මූල්‍ය සාක්ෂරතාව සහ නිෂ්පාදන සංවධර්නය පිළිබඳ කුසලතා වැඩි දියුණු කිරීමෙන් ව්‍යවසායිකාවන් 460කට අධික සංඛ්‍යාවක් සවිබලගන්වන ලදි. මෙම පුහුණුවීම් මගින් සහභාගිවන්නන්ට ඔවුන්ගේ ව්‍යාපාර උපාය මාර්ග හැඩගස්වා ගැනීමට, වෙළඳපල ප්‍රවේශය වැඩිදියුණු කරගැනීමට සහ ඔවුන්ගේ ව්‍යාපාර උසස් තත්වයට පත්කරගැනීමට හැකියාව ලැබී තිබේ.

මෙම අවස්ථාවේදී තානාපති ඉසොමතා මහතා, ව්‍යවසායිකාවන් විසින් නිෂ්පාදනය කරන ලද විවිධ නිෂ්පාදන නිරීක්ෂණය කළ අතර, ඔවුන් සමඟ සාකච්ඡා කරමින් ඔවුන්ගේ අත්දැකීම් සහ ජයග්‍රහණ පිළිබඳව දැනුම උකහා ගන්නා ලදි. තානාපති ඉසොමතා මහතා එහිදී පළ කළ අදහස් මෙසේය: “ජපානය අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්හි කාන්තා ව්‍යවසායිකාවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ක්‍රියාකාරීව සහාය වෙමින් සිටී. මෙම ව්‍යාපෘතිය කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර තිරසාර කිරීම, සාමය ගොඩනැගීම දිරිගැන්වීම සහ සමාජ සහජීවනය ශක්තිමත් කිරීම මගින් කුසලතා ගොඩනැගීමෙන් ඔබ්බට විහිදෙයි. ආර්ථික වශෙයන් ක්‍රියාශීලී වීමෙන්, කාන්තාවන් තම ප්‍රජාවන් තුළ තීරණ ගැනීමේ සහ නායකත්ව භූමිකාවන්හි වැඩි බලපෑමක් නිර්මාණය කරගන්නා අතර, එමගින් කල් පවතින හා පරිවතර්නීය වෙනසක් ඇති කරයි”.
එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය සමඟ ජපානයේ දිගුකාලීන හවුල්කාරිත්වයේ කොටසක් වන මෙම මුලපිරීම 2030 තිරසාර සංවධර්නය සඳහා වූ න්‍යාය පත්‍රයට අනුකූල වන අතර, සමාජභාවී සමානාත්මතාව සහ කාන්තා ආර්ථික සවිබල ගැන්වීම සඳහා වූ කැපවීම් ශක්තිමත් කරයි.