චිත්‍රාල් ජයවර්ධන මහතා “ද ඕඩර් ඔෆ් ද රයිසින් සන්, ගෝල්ඩ් ඇන්ඩ් සිල්වර් රේයිස්” සම්මානයෙන් පිදුම් ලබයි
2025/2/21


2025 පෙබරවාරි මස 21 වන දින ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු අකිඕ ඉසොමතා මහතා විසින් JICA ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ සහ සහ සසකාවා භාරයේ හිටපු සභාපති චිත්‍රාල් ජයවර්ධන මහතා වෙත “ද ඕඩර් ඔෆ් ද රයිසින් සන්, ගෝල්ඩ් ඇන්ඩ් සිල්වර් රේයිස්” ("The Order of the Rising Sun, Gold and Silver Rays") සම්මානය ප්‍රදානය කරන ලදී. කොළඹ තානාපති කාර්යාල පරිශ්‍රයේදී මෙම සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වුණු අතර, පැමිණ සිටි පවුලේ ඥාතීන් සහ හිතවතුන් බොහෝ දෙනෙක් ජයවර්ධන මහතා වෙත උණුසුම් සුබපැතුම් එක් කළහ.
ජයවර්ධන මහතා JICA ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ ආරම්භක සාමාජිකයෙකු සහ හිටපු සභාපතිවරයෙකු ලෙස එහි සමාජිකයින් අතර ශක්තිමත් ජාලයක් ගොඩනැගීමට සහ ශ්‍රී ලංකාව තුළ ජපානයේ දායකත්වය ප්‍රවර්ධනය කිරීමට මූලික කාර්යභාරයක් ඉටු කරමින් දරනු ලබන අපරිමිත උත්සාහ පිළිබඳව තානාපති ඉසොමතා මහතා සිය ප්‍රශංසාව පළ කළේය. ඔහුගේ නායකත්වය තුළින් එම සංගමය තුළ එහි සාමාජිකයින් අතර සබඳතා ශක්තිමත් කර ගැනීම පමණක් නොව, ශ්‍රී ලංකා-ජපාන රාත්‍රිය වැනි උත්සව සංවිධානය කරමින් එහි ක්‍රියාකාරකම් පුළුල් කර ඇත. මෙම මුලපිරීම් මගින් සංස්කෘතික හුවමාරුව වැඩිදියුණු කිරීම, ජපානය පිළිබඳ මහජන අවබෝධය ගැඹුරු කිරීම සහ JICA ආදි විද්‍යාර්ථයින්ගේ සහ ශ්‍රී ලංකාවේ ජපන් ප්‍රජාව අතර ශක්තිමත් සබඳතා වර්ධනය කිරීම සිදුකර ඇත.


ජයවර්ධන මහතා සමාජ සුබසාධනය සඳහා ගැඹුරින් කැපවී සිටින බවත්, ඌණ වරප්‍රසාදිත ප්‍රජාවන්ට උපකාර කිරීමේ මුලපිරීම්වලට නායකත්වය දුන් බවත් තානාපති ඉසොමතා මහතා අවධාරණය කළේය. සෞඛ්‍ය කඳවුරු, රුධිර පරිත්‍යාග වැඩසටහන් සහ ශිෂ්‍යත්ව වැඩසටහන් සංවිධානය කිරීම තුළින් ඔහුගේ උත්සාහයන් බොහෝ දෙනෙකුගේ ජීවිත සැලකිය යුතු ලෙසින් වැඩිදියුණු කර ඇත. විශේෂයෙන්ම, ජපන් යෙන් ණය වලින් ආරම්භ කරන ලද ජාතික රුධිර බැංකුවේ ලේ දන්දීමේ ව්‍යාපාර, රාජ්‍ය සේවය සඳහා ඔහුගේ ඇති කැපවීම ආදර්ශයෙන් පෙන්නුම් කර ඇත. ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බහුවිධ සම්මාන ඇතුළුව ජාතික පිළිගැනීමක් ලබා ගනිමින් සිංහ සමාජය සමඟ ඔහුගේ සහයෝගීතාවය මෙම උත්සාහයන් තවදුරටත් පුළුල් කර ඇත.

"The Order of the Rising Sun" සම්මානය ජපානය සමඟ මිත්‍ර සබඳතා වැඩි දියුණු කිරීම සඳහා විශිෂ්ට දායකත්වයක් ලබා දුන් විදේශීය ජාතිකයින්ට ජපානයේ අධිරාජ්‍ය උතුමාණන් විසින් පිරිනමනු ලැබේ.
මෙම සුවිශේෂී ප්‍රදානය මගින් ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතාව තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.