ජපානයේ වැඩ කිරීමට නව අවස්ථාවක්: නිශ්චිත පුහුණු කම්කරුවන් සඳහා වන මෝටර් රථ ප්‍රවාහන ව්‍යාපාර කුසලතා පරීක්ෂණය 2025 මාර්තු මස ආරම්භ වේ

2025/3/6
ශ්‍රී ලංකාව සඳහා මෝටර් රථ ප්‍රවාහන ව්‍යාපාර ක්ෂේත්‍රයේ නව නිපුණතා පරීක්ෂණයක් මෙම මාසයේදී හඳුන්වා දීමට ජපන් තානාපති කාර්යාලය කටයුතු කර ඇත. මෙම පරීක්ෂණය තුළින් ජපානයේ නිශ්චිත පුහුණු ශ්‍රමික කාණ්ඩය [Specified Skilled Workers (SSW)] යටතේ රැකියා අපේක්ෂා කරනු ලබන පුද්ගලයින් හට අවස්ථාවක් ලබාදීම සිදුකෙරේ. මෙම නව රැකියා කාණ්ඩයත් සමඟ, හෙද සත්කාර, ආහාර සේවා, කෘෂිකර්මය, ඉදිකිරීම්, ගුවන් තොටුපළ බිම් හැසිරවීම, නවාතැන් කර්මාන්තය සහ ගොඩනැගිලි පිරිසිදු කිරීම ඇතුළු ක්ෂේත්‍ර අටක් දක්වා කුසලතා පරීක්ෂණ ගණන ඉහළ ගොස් ඇත.
 
මෝටර් රථ ප්‍රවාහන ව්‍යාපාර ක්ෂේත්‍රය කාණ්ඩ තුනකින් සමන්විත වේ: ට්‍රක් රථ රියදුරු, කුලී රථ රියදුරු සහ බස් රියදුරු මේ සදහා ඇතුලත් වේ. මෙම අංශයේ රැකියා සඳහා සුදුසුකම් ලැබීමට අපේක්ෂකයින් නිපුණතා පරීක්ෂණය සහ ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය යන දෙකම සමත් විය යුතුය. ට්‍රක් රථ රියදුරන් සඳහා N4 සහ කුලී රථ සහ බස් රථ රියදුරන් සඳහා N3 යන ජපන් භාෂා ප්‍රවීණතා මේ සඳහා අවශ්‍ය වේ.
 
ජපානයේ සේවය කිරීමට ලැබෙන මෙම නව අවස්ථාවෙන් දක්ෂතා සහිත හා මේ සදහා අපේක්‍ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් මහත් ප්‍රයෝජනයක් ගනු ඇතැයි ජපන් තානාපති කාර්යාලය අවංකවම බලාපොරොත්තු වේ. මෝටර් රථ ප්‍රවාහන ව්‍යාපාරික අංශය හරහා 2024 වසරේ සිට ඉදිරි වසර පහක කාලයක් තුළ විදේශීය ශ්‍රමිකයින් 24,500ක් දක්වා ප්‍රමාණයකට අවස්ථාව ලබාදීමට ජපානය අපේක්ෂා කරයි. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහ දෙරට අතර පවතින දිගු මිත්‍රත්වය ශක්තිමත් කිරීමට ජපන් තානාපති කාර්යාලය නිරතුරුව කැපවී සිටී.
 
නිපුණතා පරීක්ෂණ විස්තර;
 
1) පරීක්ෂණ කාලය: 2025 මාර්තු 03 සිට - මැයි 31 දක්වා (අයදුම් කිරීම මත අපේක්ෂකයින්ට තමන් කැමති ස්ථානයේ ආසන ලබා ගැනීමේ හැකියාව මත පරීක්ෂණ දිනයක් තෝරා ගත හැක)
2) ස්ථාන: කොළඹ, දෙහිවල, යාපනය, කල්මුණේ, මහනුවර, කුරුණෑගල, මාලබේ (අයදුම් කිරීමේදී ස්ථාන පිළිබඳ විස්තර සපයනු ලැබේ)
3) විභාග ගාස්තුව: ඇ.ඩො. (USD) 37
4) පරීක්ෂණ භාෂාව: ජපන්
5) පරීක්ෂණ ක්‍රමය: පරිගණක පාදක පරීක්ෂණ [Computer-based Testing (CBT)]
 
යෙදුම පිළිබඳ වැඩි විස්තර සඳහා, කරුණාකර පහත සඳහන් පරීක්ෂණ සංවිධානයේ වෙබ් අඩවිය වන Nippon Kaiji Kyokai වෙත පිවිසෙන්න. කාණ්ඩ 3 ක් සඳහා වන පෙළපොත් පහත සබැඳි වලින් ලබා ගත හැකිය.

1) Nippon Kaiji Kyokai
https://sswt-portal.classnk.or.jp/area?tab=3

2) පෙළපොත්
- ට්‍රක් රථ
https://jta.or.jp/wp-content/uploads/2024/12/ssw_text.pdf

- ටැක්සි
http://www.taxi-japan.or.jp/pdf/GaikokujinGakushuText2024.pdf

- බස්
https://www.bus.or.jp/cms/wp-content/uploads/2024/11/Ver.02_busdriver_textbook.pdf