ජපාන රජයේ මුල්‍යාධාර ඇතිව සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය ළමා හා කාන්තා අපයෝජන නිවාරණ සහ විමර්ශන කාර්යාංශයේ (PCWB) පහසුකම් වැඩිදියුණු කරයි
2025/3/20

කොළඹ. ශ්‍රී ලංකාව - ජපාන රජයේ මුල්‍යාධාර ඇතිව, සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය [The International Organization for Migration (IOM)] ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ සහ නිවාරණ කාර්යාංශය [Bureau for the Prevention and Investigation of Abuse of Children and Women (PCWB)] වෙත පහසුකම් වැඩිදියුණු කර සහය ලබා දී ඇත. මෙම සහය ලබා දී ඇත්තේ අවදානමට ලක්විය හැකි තත්වයක් තුළ ආපසු පැමිණෙන සංක්‍රමණිකයින් සහ ප්‍රජාවන්ට ඔවුන්ගේ ජීවනෝපායන් නංවාලීම. ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම සහ ආරක්ෂිත සහ ක්‍රමවත් සංක්‍රමණය ප්‍රවර්ධනය කිරීම සඳහා සහාය වීමය (UPLIFT) ව්‍යාපෘතිය හරහා විය. මෙලෙස ලබා දී ඇති සහයෝගය ප්‍රධාන කාර්යාලයේ ඒකක කිහිපයක් වැඩිදියුණු කිරීමට උපකාරී වියග එයට අතුරුදහන් වූ සහ සූරාකෑමට ලක් වූ ළමුන් සඳහා වූ ජාතික මධ්‍යස්ථානය [National Centre for Missing and Exploited Children (NCMEC)]. තැනැත්තන් වෙළඳාමට එරෙහි ඒකකය. මහජන පැමිණිලි කවුළුව 109 යනාදිය ප්‍රතිසංස්කරණය කිරීම සහ ප්‍රචණ්ඩත්වය අත්විඳ මිදුණු කාන්තාවන් සඳහා තාවකාලික නවාතැන් පහසුකම් සහ ළමුන් සඳහා වෙනම ස්ථානයක් සැකසීම. PCWB හි 109 ක්ෂණික ඇමතුම් ක්‍රියාකරුවන් සඳහා තැනැත්තන් වෙළෙඳාම හඳුනා ගැනීම සහ ප්‍රතිචාර දැක්වීම පිළිබඳ පුහුණු වැඩ සටහන් පැවැත්වීම සහ නුවර එළිය දිස්ත්‍රික්කයේ PCWB ප්‍රාදේශීය කාර්යාල 19 ක් සඳහා ගෘහ භාණ්ඩ සහ තොරතුරු තාක්ෂණ උපකරණ ලබාදී සන්නද්ධ කිරීම ඇතුළත් විය. මෙම මුළු සහයෝගයේ මුදල්මය වටිනාකම ඇමරිකානු ඩොලර් 166,000 ක් විය.
මෙලෙස ලබා දුන් සහයෝගයේ අරමුණ වූයේ ළමුන් සහ කාන්තාවන්ට බලපාන තැනැත්තන් වෙළෙඳාම. අපයෝජන සහ අනෙකුත් අපරාධ පිළිබඳ සිද්ධි තීරණාත්මක ලෙස හැසිරවීමට කාර්යාංශයේ ධාරිතාව ශක්තිමත් කිරීමයි. මෙම මුලපිරීම ශ්‍රී ලංකාවේ නැනැත්තන් වෙළෙඳාම මැඩපැවැත්වීමට එරෙහිව ක්‍රියාත්මක වන තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායට [National Anti-Human Trafficking Task Force (NAHTTF)] සහාය දැක්වීම සඳහා IOM දරන උත්සාහයේ කොටසක් වන අතර PCWB එහි ප්‍රමුඛ සාමාජිකයෙකි.

IOM විසින් සිදු කරන ලද සම්පූර්ණ තක්සේරුවක ප්‍රතිඵලයක් ලෙස මෙම වැඩිදියුණු කිරීම් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණු අතර, ඉහත පරිදි සිදු කරන ලද අළුත්වැඩියා කටයුතු මගින් කාර්යාංශයේ මෙහෙයුම්වලට අනන්‍ය වූ අවශ්‍යතා සපුරාලන බව සහතික කරයි. මෙම කාර්යයේ විෂය පථයට කාන්තාවන් සඳහා තාවකාලික නවාතැන් පහසුකම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ඉඩ පහසුකම් සඳහා පුළුල් වශයෙන් සිදුකරන ලද වැඩි දියුණු කිරීම් ඇතුළත් වන අතර, එමඟින් උපකාර අවශ්‍ය වන කාන්තාවන් සහ ළමා වින්දිතයින් සඳහා ආරක්ෂිත, සහයෝගී සහ ක්‍රියාකාරී පරිසරයක් ලබා දීම සහතික කෙරේ. මෙලෙස අලුතින් වැඩි දියුණු කරන ලද පහසුකම් තැනැත්තන් වෙළෙඳාම, ගෘහස්ථ හිංසනය සහ වෙනත් අපරාධ වලට ගොදුරු වී මිදුණු අයවළුන්ට ලබා ගත හැකි සහායක සේවා වැඩි දියුණු කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත.
2025 මාර්තු 20 වන දින මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගරු සුනිල් වටගල සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති වැඩිදියුණු කරන ලද පහසුකම් දියත් කිරීමේ උත්සවයේදී, නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය, කඩිනම් කාල රාමුවක් තුළ සිදු කරන ලද ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව ඉමහත් සතුට පළ කළාය. '' මෙම ප්‍රතිසංස්කරණ අපගේ වින්දිතයින්ගේ ආරක්ෂාව වැඩි දියුණු කරනවා පමණක් නොව. ඔවුන්ට ගෞරවයෙන් සහයෝගය දැක්වීමට අපගේ හැකියාවද වැඩි දියුණු කරයි. මෙය කළ ගැනීම සඳහා 1OM සහ ජපාන රජය දැක්වූ නොසැලෙන සහයෝගයට අපි කෘතඥ වෙනවා '' නියෝජ්‍ය පොලිස්පති රේණුකා පැවසීය.
PCWB සඳහා IOM හි සහාය හුදෙක් භෞතික යටිතල පහසුකම්වලට පමණක් සීමා නොවී මේ හා සම්බන්ධ සිද්ධි සංවේදීතාවයෙන් හා විශේෂඥතාවයෙන් හැසිරවීමට කාර්ය මණ්ඩලය සන්නද්ධ වී ඇති බව සහතික කිරීම සඳහා අවශ්‍ය පුහුණුව සහ ධාරිතා වර්ධන වැඩසටහන් වලින් සමන්විත විය. කාන්තාවන් සහ ළමයින් අපයෝජනය කිරීම පිළිබඳ පැමිණිලි ලබා ගැනීම සඳහාම වෙන් වූ අලුතින් පිහිටුවන ලද 109 ක්ෂණික දුරකථන අංකය හා සම්බන්ධව කටයුතු කරන තෝරාගත් නිලධාරීන් හට තැනැත්නන් වෙළඳාම හා සම්බන්ධ සිද්ධීන් ඵලදායී ලෙස හඳුනා ගැනීම සහ සිද්ධීන් හැසිරවීමේදී වින්දිතයින් කේන්ද්‍ර කරගත් සහ ක්ෂතිය පිළිබඳ අවබෝධය අන්තර කොට ගත් ප්‍රවේශයන් භාවිතා කිරීම සඳහා IOM සහාය ලැබුණි.
මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ අමාත්‍ය/නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානි කමෝෂිඩා නාඕකි මහතා අදහස් දැක්වීමේදී " මෙම කාර්යාංශය ප්‍රතිසංස්කරණය කිරීමෙන් සහ වින්දිතයින් සමඟ සෘජුව වැඩ කරන නිලධාරීන්ගේ ධාරිතාවය ශක්තිමත් කිරීමෙන්, කාන්තාවන් සහ ළමයින් අපයෝජනය වැළැක්වීම සඳහා අපි අර්ථවත් ප්‍රගතියක් ලබා ඇති බව අපි විශ්වාස කරමු. මෙම ව්‍යාපෘතිය යටතේ සපයනු ලබන උපකරණ ඉදිරි වසර සඳහා ඵලදායි ලෙස භාවිතා කරනු ඇතැයි අපි අවංකවම බලාපොරොත්තු වෙමු.' යනුවෙන් පැවසුවේය.

ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි ජනගහනයේ ආරක්ෂාව සහ බලගැන්වීම ශක්තිමත් කිරීම සඳහා ජපානය ස්ථිරව සිටී. කාන්තාවන් සහ ළමයින් ප්‍රචණ්ඩත්වයෙන් හා සූරාකෑමෙන් තොර අනාගතයක් සඳහා අපි එක්ව කටයුතු කරමු ", යනුවෙන් කමෝෂිඩා මහතා තවදුරටත් පැවසීය.
" තැනැත්තන් වෙළඳාමට එරෙහි සටන සඳහා රාජ්‍ය ආයතන ධාරිතාව ඉහළ නැංවීමේ වැදගත්කම හඳුනා ගනිමින් ෂධඵ ආයතනය වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා රජයට බහු විධ සහයෝගයක් ලබා දි ඇත. තැනැත්තන් වෙළෙඳාම නිරීක්ෂණය කිරීම සහ මැඩපැවැත්වීම සඳහා වන ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම (2021-2025) සමඟ සමපාත වන පරිදි අපගේ සහයෝගය සකස් කර ඇත." යනුවෙන් IOM ශ්‍රී ලංකා සහ මාලදිවයිනේ ප්‍රධානි ක්‍රිස්ටින් පාර්කෝ මෙම සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළාය.
" වැඩි දියුණු කරන ලද පහසුකම් සහ ධාරිතාවයෙන් යුත් නිලධාරීන් සමඟ PCWB, කාන්තාවන්ට සහ ළමයින්ට අසමාන ලෙස බලපාන ප්‍රචණ්ඩත්වය සහ අනෙකුත් අපරාධ වලට එරෙහිව සටන් කිරීමේදී සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගනු ඇතැයි අපට විශ්වාසයි" ඇය තවදුරටත් පැවසුවාය.
IOM විසින් PCWB වෙත ලබා දෙන මෙම සහයෝගය IOM තම මෙහෙවර කෙරෙහි ඇතිකර ගෙන ඇති කැපවීම අවධාරණය කරන කාරණයක් වන අතර විශේෂයෙන් අවදානමට ලක්විය හැකි තත්වයන් යටතේ සංක්‍රමණයේ යෙදෙන සියලුම පුද්ගලයින්ගේ යථා තත්වයට පත්වීමේ හැකියාව වර්ධනය කිරීමෙහිලා අවධානය යොමු කරයි.