කාන්තාවන්ගේ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම: මන්නාරමේ කාන්තා ව්‍යවසායිකාවන්ට ජපානයේ සහ එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකයේ සහාය
2025/3/21

ඡායාරූප නිකුතුව - 2025 මාර්තු 21 (මන්නාරම, ශ්‍රී ලංකාව): කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම ප්‍රවර්ධනය කිරීමේ අඛණ්ඩ උත්සාහයක් ලෙස, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී කමොෂිඩා නඔකි මහතා, ‘සාමයට මංපෙත්: ශ්‍රී ලංකාවේ කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සාක්ෂාත් කර ගැනීම’ නම් ව්‍යාපෘතිය හරහා සහාය ලබා දී ඇති මන්නාරම දිස්ත්‍රික්කයේ කාන්තා ව්‍යවසායිකාවන් හමු වී සාකච්ඡා කළේය.

ක්‍රිසැලිස් සංවිධානය සමඟ හවුල්කාරිත්වයෙන් සහ ජපාන රජයේ නොමසුරු සහයෝගය ඇතිව එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය විසින් ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය, ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශ වන අනුරාධපුර, මඩකලපුව, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල කාන්තාවන් විසින් මෙහයවනු ලබන ව්‍යාපාර ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත. ජපාන රජයේ ඇමරිකානු ඩොලර් මිලියන 1.7ක ආධාර මගින් දියත් කරන ලද, ව්‍යාපාර සැලසුම්කරණය, මූල්‍ය සාක්ෂරතාවය සහ නිෂ්පාදන නවෝත්පාදනය පිළිබඳ පුහුණු කිරීම් මාලාවක් ඔස්සේ කාන්තා ව්‍යවසායිකාවන් 500ක් පමණ සාර්ථකව තම ධාරිතාවන් වැඩි දියුණු කරගෙන ඇත. මෙම ඉලක්කගත පුහුණුව මඟින් ඔවුන්ගේ ව්‍යාපාර ආකෘති වැඩිදියුණු කරගැනීමට ඔවුන්ට හැකි විය. වෙළඳපොළ ප්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා පුහුණු කිරීම් සහ ඔවුන්ගේ මෙහෙයුම්වල තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා තාක්‍ෂණය ලබාදීම මගින් තවදුරටත් එයට දායක වන ලදී.

උත්සවය අමතමින් නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී කමොෂිඩා නඔකි මහතා මෙස් පැවසීය: "කාන්තාවන්ට අවශ්‍ය කුසලතා ලබාදීමෙන් සහ ඔවුන්ට කළ හැකි දේ හඳුනාගෙන ඒවාට ඉඩ දීමෙන්, ධනාත්මක වෙනස්කම් උත්ප්‍රේරණය කළ හැකිය. ප්‍රජාවන් හරහා ප්‍රතිරාවය වන එම වෙනස්කම් ඔස්සේ ආර්ථික වර්ධනය සඳහා නව ගාමක බලවේගයක් නිර්මාණය කළ හැකිය. ජපානය කාන්තාවන් සවිබල ගැන්වීමට සහ ශ්‍රී ලංකාවේ තිරසාර, සියල්ලන් ඇතුළත් කරගන්නා සංවර්ධනය වෙනුවෙන් කැපවී සිටී".

මෙම සහයෝගීතාවය සමාජ සමානාත්මතාව සහ සියල්ල ඇතුළත් කරගන්නා සංවර්ධනය සඳහා ජපානයේ දිගුකාලීන කැපවීම මත ගොඩනැගෙන අතර, තිරසාර සංවර්ධනය සහ කාන්තාව, සාමය සහ ආරක්ෂාව සඳහා වූ 2030 න්‍යාය පත්‍රයට අනුකූල පොදු ප්‍රමුඛතා අනුව සැකසේ. ආර්ථික සවිබලගැන්වීම සඳහා මාර්ග නිර්මාණය කිරීම ඔස්සේ, මෙම මුලපිරීම ශ්‍රී ලංකාවේ තිරසාර සාමය සහ සංවර්ධනයට ද දායක වේ.