ප්‍රවේශ්‍යතාව වැඩි දියුණු කිරීම සඳහා කොටියාගල ගම්මානයේ මාර්ග ඉදිකිරීමට ජපානයේ සහාය
2025/3/25

මාර්තු මස 25 වන දින, ඌව පළාතේ නිල සංචාරයක් අතර තුර, ජපාන තානාපති ගරු අකිඕ ඉසොමතා මහතා, මොණරාගල දිස්ත්‍රික්කයේ, කොටියාගල ගම්මානයේ, කිලෝමීටර් 2.5 ක පොදු මාර්ගයක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී විය.

මෙම ප්‍රදේශයේ ප්‍රවේශ්‍යතාව වැඩි දියුණු කිරීම සඳහා මෙම මාර්ගය, බිම් මට්ටමේ මානව ආරක්ෂක ව්‍යාපෘති සඳහා වන ආධාර ප්‍රදානය (GGP) හරහා ඉදිකර ඇත.

සීමිත යටිතල පහසුකම් මෙන්ම සීමිත ආර්ථික අවස්ථා සහිත මොණරාගල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ ඌණ සංවර්ධිත කලාපවලින් එකකි. මෙම කොටියාගල ගම්මානයේ පදිංචිකරුවන්, අසල්වැසි ගමක අත්‍යවශ්‍ය සේවාවන් වෙත ප්‍රවේශ වීම සඳහා දිගු කලක් තිස්සේ තාර නොදැමූ මාර්ගයක් භාවිතා කර ඇත. දුර්වල මාර්ග තත්වයන්, විශේෂයෙන් වැසි සමයේදී පාසල් පැමිණීම, සෞඛ්‍ය සේවා සදහා ප්‍රවේශය සහ ආර්ථික ක්‍රියාකාරකම් වලට ද මෙය අනේක විද බාධාවන් ඇති කර තිබේ. මෙම නව මාර්ගය ඉදිකිරීම මගින් ප්‍රදේශවාසීන්ට ආරක්ෂිත සහ කාර්යක්ෂම ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට ඉඩ සලසන අතර, මෙහි ජීවත් වන ප්‍රජාවේ දෛනික ජීවිතය වැඩිදියුණු කරයි.

උත්සවයේ දී, තානාපති ඉසොමත මහතා, ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සමීපව කටයුතු කරමින් ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ජපානයේ නොසැලෙන කැපවීම නැවත තහවුරු කළ අතර, ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයේ පදනම එක් එක් පුද්ගලයාගේ ක්‍රියාකාරී සහභාගීත්වය බව අවධාරණය කළේය.