උතුරු සහ නැගෙනහිර පළාත්වල මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරකම් සඳහා ජපානය සිය සහයෝගය ලබා දෙයි
2025/5/30

2025 මැයි මස 30 වන දින, ශ්‍රී ලංකාවේ වැඩ බලන ජපන් තානාපති ගරු කමොෂිද නඔඅකි මැතිතුමා, “බිම් මට්ටමේ මානව ආරක්ෂක ව්‍යාපෘති (GGP) සඳහා ආධාර ප්‍රදාන” යෝජනා ක්‍රමය යටතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ උපදේශක කණ්ඩායම් වන (MAG) සහ HALO භාරය (HALO) සමඟ බිම්බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘති දෙකක් සඳහා ආධාර ප්‍රදානයන් සදහා කොන්ත්‍රාත්තු අත්සන් කරන ලදී.
ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා සහාය වීම සඳහා MAG සහ HALO සමඟ එක්ව මෙම ව්‍යාපෘති දෙක සඳහා ජපන් රජය ඇමරිකානු ඩොලර් 900,000 ක් (ආසන්න වශයෙන් රු. මිලියන 270 ක්) ලබා දී ඇත. 2002 සිට ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ජපානය ප්‍රධාන පරිත්‍යාගශීලියෙකු වන අතර, මුළු ආධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 47 ඉක්මවයි.
MAG සහ HALO විසින් අලුතින් අරමුදල් සපයන ලද ව්‍යාපෘති දෙක එක්ව ගත් කළ උතුරු සහ නැගෙනහිර පළාත්වල ප්‍රතිලාභීන් 13,000 ක් පමණ නැවත පදිංචි කිරීමට සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාව සඳහා ජපානයේ නිළ සංවර්ධන ආධාරවල ප්‍රමුඛතාවයන්ගෙන් එකක් වන්නේ ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශ සංවර්ධනය කිරීමයි.
ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා සහාය වීම සඳහා MAG සහ HALO සමඟ එක්ව මෙම ව්‍යාපෘති දෙක සඳහා ජපන් රජය ඇමරිකානු ඩොලර් 900,000 ක් (ආසන්න වශයෙන් රු. මිලියන 270 ක්) ලබා දී ඇත. 2002 සිට ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ජපානය ප්‍රධාන පරිත්‍යාගශීලියෙකු වන අතර, මුළු ආධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 47 ඉක්මවයි.
MAG සහ HALO විසින් අලුතින් අරමුදල් සපයන ලද ව්‍යාපෘති දෙක එක්ව ගත් කළ උතුරු සහ නැගෙනහිර පළාත්වල ප්‍රතිලාභීන් 13,000 ක් පමණ නැවත පදිංචි කිරීමට සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාව සඳහා ජපානයේ නිළ සංවර්ධන ආධාරවල ප්‍රමුඛතාවයන්ගෙන් එකක් වන්නේ ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශ සංවර්ධනය කිරීමයි.


ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීම, නැවත පදිංචි කිරීම සහ තිරසාර සංවර්ධනය උදෙසා බිම් බෝම්බ ඉවත් කිරීම මූලික පියවරක් වන බව ජපානය සලකන බව කමොෂිද මැතිතුමා අවධාරණය කළේය. ජපානයේ සහයෝගය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඇති දැඩි කැපවීම ඔහු නැවත තහවුරු කළ අතර, 2027 වන විට ශ්‍රී ලංකාව බිම් බෝම්බ බලපෑමෙන් තොර රටක් බවට පත් වනු ඇතැයි ද එමඟින් කල් පවතින සාමය සහ සංහිඳියාව සඳහා මග පෑදෙනු ඇතැයි ද ඔහු බලාපොරොත්තු වන බව මෙහිදී පැවසීය.
මෙම ප්‍රදානය ලබා දීම පිළිබඳව අදහස් දක්වමින් MAG හි දේශීය අධ්‍යක්ෂිකා සීනත් ගරේවාල් මහත්මිය මෙසේ පැවසුවාය;
“බිම් බෝම්බ ඉවත් කිරීම සහ ඉඩම් නිදහස් කිරීම ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල ජීවත් වන සිවිල් වැසියන්ගේ ජීවිතවලට සෘජු බලපෑම් ඇති කරයි. දූෂිත ඉඩම් වලින් බිම් බෝම්බ ඉවත් කිරීම ග්‍රාමීය ගම්මානවල කෘෂිකාර්මික හා යටිතල පහසුකම් සංවර්ධනයට උපකාරී වන අතර බිම් බෝම්බ සහ පුපුරා නොගිය බෝම්බ තර්ජනයෙන් සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සහතික කිරිම යනාදිය අප දරණ මෙම උත්සාහයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන අතර සමෘද්ධිය සහ ආරක්ෂිත ජාතියක් කරා යන මාවත සකසයි.
2025 ජනවාරි වන විට, MAG විසින් මුදවා ගනු ලැබූ මුළු ඉඩම් වර්ග මිටර ප්‍රමාණය 100,930,005 ක් වන අතර 2002 සිට යුද්ධයේ පුපුරන සුලු අවශේෂ 103,467 කට වඩා මෙහිදී ඉවත් කර ඇත. දශක ගණනාවක සන්නද්ධ ගැටුම්වලින් වැඩිපුරම පීඩාවට පත් ප්‍රදේශවල පුද්ගල විරෝධී බිම්බෝම්බ සහ අනෙකුත් භයානක අබලි ඉවත් කිරීම සඳහා ජපන් තානාපති කාර්යාලය සහ ජපන් ජනතාව ලබා දී ඇති අඛණ්ඩ සහයෝගයට MAG සිය ගැඹුරු කෘතඥතාව පළ කරයි.
"ජීවිත බේරා ගන්න, අනාගතය ගොඩනඟන්න" යන අපගේ මෙහෙවර සාර්ථකව නිම කිරීම සදහා ලබාදෙන සහය සඳහා, MAG තානාපති කාර්යාලයට සහ ජපන් රජයට කෘතඥ වන අතර බිම්බෝම්බ වලින් තොර ශ්‍රී ලංකාවක් සාක්ෂාත් කර ගැනීමේ අපගේ ඉලක්කය සපුරා ගැනීම සඳහා ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය සහ සහාය අපේක්ෂා කරයි.

මෙහිදී අදහස් දක්වමින් HALO හි නියෝජ්‍ය වැඩසටහන් කළමනාකාරිනී හැනා එලිසබෙත් පික්ටන් මහත්මිය මෙසේ පැවසුවාය;
“වසර 22 ක මානුෂීය ආධාර සමඟින් HALO හි වඩාත්ම ස්ථාවර පරිත්‍යාගශීලියා ලෙස, ජපානය පුද්ගල නාශක බිම්බෝම්බ 300,000 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන විනාශ කිරීමට සහ කලින් දූෂිත වූ ඉඩම් වර්ග කිලෝමීටර 120 ක් මුදා හැරීමට HALO වෙත සහාය වී තිබේ. මෙය කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයින් 150,300 ක් නැවත පදිංචි කිරීමට දායක වී ඇති අතර, තිරසාර ජීවනෝපායන් යථා තත්ත්වයට පත් කිරීමට සහ ප්‍රජාව නැවත ගොඩනැගීමට සහ ස්ථාවර කිරීමට හැකියාව ලබා දී ඇත. එමඟින් දේශීය පුරැෂයින් සහ කාන්තාවන්ට ඉතා ගෞරවනීය වෘත්තියකට සහභාගී වීමට හැකියාව ඇති අතර, ඔවුන්ගේ පවුල්වලට ද ස්ථාවර ආදායමක් ලබා දීමට මෙමගින් මග සැලසී ඇත.
ජපානයේ සහාය ඇතිව, HALO ආයතනය ඉතිරි දූෂණය වී ඇති බ්ම් ප්‍රදේශ හඳුනාගෙන ඒවායේ බිම්බෝම්බ ඉවත් කිරීමට කටයුතු කරන අතරම, ජාතික බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී ජාතික බිම්බෝම්බ ක්‍රියාකාරී මධ්‍යස්ථානයට (NMAC) සහාය දක්වයි. බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකරුවන් ලෙස ශ්‍රී ලංකා රජයට, සියලුම බිම්බෝම්බ සහ අනෙකුත් පුපුරන ද්‍රව්‍ය දූෂණයෙන් රට මුදවා ගැනීමටත් පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් ගිවිසුමේ වගකීම මනාව සපුරාලීමට අප සැමගේ සමීප සහාය ලබා දීම ඉතා වැදගත් වේ.