ශ්‍රී ලංකාව තුල සැමට ආරක්ෂිත, හිරිහැර බාධා වලින් තොර ගමන් බිමන් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජය, ජපාන රජය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) ඒකාබද්ධ මුල පිරීමක් ලෙස ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය තුල සහ පොදු ස්ථානවල සිදුවන ලිංගික හිරිහැර අවසන් කිරීමේ ජාතික ව්‍යාපාරය දියත් කරයි.
2025/7/23

පොදු ප්‍රවාහනය සහ පොදු ස්ථානවල සිදුවන ලිංගික හිංසනයන්ට එරෙහිව සටන් කිරීම අරමුණු කරගත් ජාතික ව්‍යාපාරයක් අද (ජුලි 23 ) බත්තරමුල්ලේ සුහුරුපාය ශ්‍රවණාගාරයේදී ආරම්භ කරන ලදී. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සමඟ එක්ව සහ ජපාන රජයේ අරමුදල් සමඟ ඒක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි ශ්‍රී ලංකා කාර්යාලයේ තාක්ෂණික සහාය ඇතිව දියත් කරන ලද මෙම ව්‍යාපෘතිය මගින්, ආරක්ෂිත, ස්ත්‍රී පුරුෂ සමාජ භාවයට සංවේදී ගැහැණු ළමයින්ට, පොදු අවකාශයන් නිර්මාණය කිරීමට සහ සියලුම මගීන්ට, විශේෂයෙන්ම කාන්තාවන්ට ඔවුන්ගේ ගෞරවය සහ ආරක්ෂාව සහතික කිරීමට ප්‍රයත්න දරනු ලැබේ.
පොදු ප්‍රවාහනය තුළ ලිංගික හිංසනය ශ්‍රී ලංකාව තුළ පුළුල්ව පැතිරී ඇති අභියෝගයක් වන අතර එය කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට විවිධ මට්ටම් වලින් බලපෑම් සිදු කරමින් ඔවුන්ගේ අධ්‍යාපනයට, රැකියාවට සහ පොදු සමාජ ජීවිතයට ඔවුන් ප්‍රවේශ වීමේ දී බාධා ඇති කරයි. මෙම ව්‍යාපෘතිය ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට [Sexual and Gender-Based Violence (SGBV)] ආමන්ත්‍රණය කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රියාකාරී සැලැස්මට (2024 -2028) සහාය දක්වන අතර පොදු ප්‍රවාහනය ආරක්ෂිත, නවීන ස කිසිවෙකු අත් නොහරින සේවාවක් බවට පත් කිරීම සඳහා වන රජයේ ක්ලීන් ශ්‍රී ලංකා (CLEAN Sri Lanka) මුල පිරීම සමඟ සමපාතවේ.

හිරිහැර වලින් තොර පොදු ප්‍රවාහනය සහතික කිරීම සඳහා, මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය තුලින්, ඊට එක්වන සහ සහාය දක්වන ක්‍රියාකාරීන් දිරිමත් කරන කෙටි විඩියෝ මාලාවක්, පණිවුඩය ප්‍රදර්ශනය කරන පෝස්ටර්, පත්‍රිකා සහ සාක්කු කාඩ්පත්, වාර්තා කිරීමේ ක්ෂණික දුරකථන අංක, ප්‍රධාන ස්ථානවල ඩිජිටල් පණිවිඩ සහ ප්‍රවාහන අංශයේ බලධාරීන් විසින් සිදු කරන ශක්තිමත් සමාජ මාධ්‍ය සම්බන්ධතා සහ නිවේදන ඇතුළත් වේ.
වාර්තා කිරීම සහ සේවාවන් වෙත ප්‍රවේශ වීම දිරිමත් කිරීම සඳහා පහත සඳහන් ප්‍රධාන උපකාරක දුරකථන සියලුම ප්‍රචාරක මාධ්‍යවල කැපී පෙනෙන ලෙස ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
- කාන්තා උපකාරක සේවාව (1938)
- පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය (109)

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගරු සරෝජා සවිත්‍ර පෝල්රාජ් මහත්මිය ව්‍යාපෘතිය දියත් කිරීමේ අවස්ථාව අමතමින් මෙසේ පැවසුවාය : " පොදු ස්ථානවල ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් වූ හිංසනය ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් පමණක් නොවේ. එය මානව හිමිකම් පිළිබඳ ගැටළුවකි. බස් රථ, දුම්රිය සහ පර්යන්තවල ලිංගික හිංසනය මගින් සංචරනයේ නිදහස සීමා කරන අතර කාන්තාවන්ට අධ්‍යාපනය, ජීවනෝපායන් සහ පොදු සමාජ ජීවිතයට ඇති ප්‍රවේශය අඩපණ කරයි. සැමට, විශේෂයෙන් කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට ආරක්ෂාව සහතික කිරීම අපගේ වගකීමකි. මෙම ව්‍යාපෘතිය සෑම කාන්තාවකටම සහ ගැහැණු ළමයෙකුටම බියෙන් තොරව ජීවත් වීමට, ගමන් බිමන් යාමට සහ නිදහසේ හැසිරීමට ඇති අයිතිය සහතික කිරීමේ සන්ධිස්ථානයකි. ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවි හින්සනය (GBV) ආමන්ත්‍රණය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) ලබා දෙන දිගුකාලීන සහයෝගය සහ තාක්ෂණික නායකත්වයට මම ස්තූතිවන්ත වෙමි. "
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත කුන්ලේ අඩෙනියි මහතා, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) දිගු කාලීන සහයෝගය පිළිබඳව අවධාරණය කරමින්, " පොදු ප්‍රවාහනයේදී ලිංගික හිරිහැර නිහඬ වසංගතයක් වන අතර එය බොහෝ විට සාමාන්‍ය කරණය වී ඇත. බොහෝ විට නොසලකා හරිනු ලැබේ. එනමුත් මෙම තත්වය දැඩි ලෙස හානි කරය. 2015 දී, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මගින් සිදු කළ ජාතික අධ්‍යයනයෙන් හෙළි වූයේ සමීක්ෂණයට ලක් කරන ලද කාන්තාවන්ගෙන් 90% ක් අවම වශයෙන් එක් වරක්වත් පොදු ප්‍රවාහනයේදී ලිංගික හිරිහැර අත්විඳ ඇති නමුත් උපකාර පතා ඇත්තේ 4% ක් පමණක් බවයි. මෙම සංඛ්‍යා හුදෙක් සංඛ්‍යාලේඛන පමණක් නොවේ. ඒවා සැබෑ පුද්ගලයින්, සැබෑ ගමන් බිමන් සහ සැබෑ හානිය නියෝජනය කරයි. සෑම ගැහැණු ළමයෙකුටම බියෙන් තොරව පාසල් යාමට අයිතියක් ඇත. සෑම කාන්තාවකටම නිදහසේ වැඩ කිරීමට සහ ගමන් කිරීමට අයිතියක් ඇත. පොදු ප්‍රවාහනය සැමට ආරක්ෂිත කිරීම සඳහා සහ ආරක්ෂාව සැමගේ වග කීමක් බවට පත් කිරීම සඳහා රජය, ජපාන තානාපති කාර්යාලය සහ අපගේ හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කිරීමට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල කැපවී සිටී."

දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘතියේ වැදගත්කම සහ මෙම ජාතික ව්‍යාපාරය දියත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු අකිඕ ඉසොමතා මහතා මෙසේ පැවසීය.
" පොදු ප්‍රවාහනයේදී ලිංගික හිරිහැර වැළැක්වීම සහ ඒවාට විසඳුම් සෙවීම සහ එමඟින් කාන්තාවන්ට ආරක්ෂිතපරිසරයක් නිර්මාණය කිරීම, ආර්ථිකය තුළ කාන්තා ශ්‍රම බලකාය බලමුලු ගැන්වීමේදී අත්‍යවශ්‍ය කරුණක් වන අතර සමාජයේ කාන්තා සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීමේදී එය ඉතා වැදගත් වේ. ලිංගික හිරිහැර නොඉවසීම සඳහා අවශ්‍ය වන දැනුවත්භාවය ඉහළ නැංවීම ඉතා වැදගත් පියවරකි. මන්ද එය හිරිහැර කිරීම් වලට පෙළඹෙන අපරාධකරුවන්ට පැහැදිලි අනතුරු ඇඟවීමක් වන නිසාත්, කරදරකාරී තත්වයන්ට මුහුණ දෙන ආකාරය පිළිබඳව වින්දිතයින් සමඟ දැනුම බෙදා ගැනීම සඳහා මෙන්ම වින්දිතයින්ට උපකාර කිරීමට අවට සිටින අය දිරිමත් කිරීම සඳහාත් මෙම දැනුවත් භාවය උපකාරී වන නිසාත්ය. ව්‍යාපෘතිය මගින් සපයනු ලබන සම්පත් උපයෝගී කරගනිමින්, ශ්‍රී ලංකා රජය පළාත් පාලන ආයතන සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් දිවයින පුරා දැනුවත් කිරීමේ ව්‍යාපාරය ශක්තිමත් කරනු ඇතැයි මම අවංකවම බලාපොරොත්තු වෙමි."
මෙම ව්‍යාපෘතිය දියත් කිරීමේ උත්සව අවස්ථාවට ප්‍රචාරක ද්‍රව්‍ය, බේරී ගත් වින්දිතයින්ගේ කථා සහ වාර්තා කිරීමේ යාන්ත්‍රණයන් සහ නරඹන්නන්ගේ මැදිහත්වීම් පිළිබඳ තොරතුරු කුටි ප්‍රදර්ශනය සහිත අන්තර් ක්‍රියාකාරී ප්‍රදර්ශනයක් ඇතුළත් විය. ප්‍රචාරක වීඩියෝ සහ ඩිජිටල් පණිවිඩ අද සිට දිවයින පුරා ප්‍රචාරය වීම ආරම්භ වනු ඇත.