මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 332 ක ආධාර ප්‍රදානයක්
2025/7/24

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපන් රජය, ජපන් යෙන් මිලියන 332 ක ආධාර ප්‍රදානයක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ජපානයේ විවිධ විශ්ව විද්‍යාලවල සහය ඇතිව රාජ්‍ය අංශයේ තරුණ පරිපාලන නිලධාරීන් පුහුණු කිරීම සහ ඔවුන් තම අදාළ ක්ෂේත්‍රයන්හි අනාගත ජාතික නායකයින් ලෙස සුදුසුකම් ලැබීම සඳහා ඔවුන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීමයි. මෙම ව්‍යාපෘතිය යටතේ, 2026 වසරේ දී ආරම්භ වන වසර 2 ක ශාස්ත්‍රපති උපාධි වැඩසටහන් හැදෑරීම සඳහා රාජ්‍ය අංශයේ නිලධාරීන් 15 දෙනෙකු යොමුකරවනු ලැබේ. ඔවුන්ගේ පර්යේෂණ ක්ෂේත්‍ර රාජ්‍ය ප්‍රතිපත්තිය, සාර්ව ආර්ථික විද්‍යාව, රාජ්‍ය මූල්‍ය සහ ආයෝජන කළමනාකරණය, කර්මාන්ත සංවර්ධන ප්‍රතිපත්තිය සහ ආයෝජන ප්‍රවර්ධනය සහ නාගරික සහ ප්‍රාදේශීය සංවර්ධනය යනාදී විවිධ ක්ෂේත්‍ර දක්වා පැතිරේ.

ජූලි 24 වන දින, ජපන් තානාපති ගරු අකිඕ ඉසොමතා මහතා සහ භාණ්ඩාගාර සහ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මෙම ආධාර ප්‍රදානයට අදාල හුවමාරැ සටහන් කොළඹදී අත්සන් කරන ලදී.
2010 වසරේ ආරම්භ කළ දින සිට, JDS ව්‍යාපෘතිය මේ දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ නිලධාරීන් 237 දෙනෙකුට පුහුණුව ලබා දී ඇත. මෙම ව්‍යාපෘතිය තනි පුද්ගල ධාරිතාවන් වැඩිදියුණු කිරීමට පමණක්ම නොව, රාජ්‍ය අංශයේ ආයතනික ධාරිතාව වැඩිදියුණු කිරීමට ද දායක වන අතර එමගින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සම්පන්න සහ තිරසාර සංවර්ධනයට සහාය වනු ඇත.
2010 වසරේ ආරම්භ කළ දින සිට, JDS ව්‍යාපෘතිය මේ දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ නිලධාරීන් 237 දෙනෙකුට පුහුණුව ලබා දී ඇත. මෙම ව්‍යාපෘතිය තනි පුද්ගල ධාරිතාවන් වැඩිදියුණු කිරීමට පමණක්ම නොව, රාජ්‍ය අංශයේ ආයතනික ධාරිතාව වැඩිදියුණු කිරීමට ද දායක වන අතර එමගින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සම්පන්න සහ තිරසාර සංවර්ධනයට සහාය වනු ඇත.

මෙම JDS ශිෂ්‍යත්ව ලාබීන් ජපානයේ ගතකළ කාලයේදී අධ්‍යයන හා සමාජීය ක්‍රියාකාරකම් තුළින් ගොඩනඟා ගත් මානව ජාලය උපයෝගී කර ගනිමින්, දෙරට අතර මිත්‍රත්වයේ පාලමක් ලෙස ජපානය සමඟ ද්විපාර්ශ්වික සබඳතාවල පදනම තවදුරටත් ශක්තිමත් කිරීමට ඉදිරියේදී දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අද දින හුවමාරු සටහන් අත්සන් කිරීමත් සමඟ, ජපානය JDS ව්‍යාපෘතිය සඳහා දක්වන කැපවීම වඩාත් තීව්‍ර කරන අතර, එය දෙරටේ ද්විපාර්ශ්වික සහයෝගීතාවයට මහත් ශක්තියක් සහ සහයෝගයක් ලබා දෙනු ඇතැයි උදක්ම බලාපොරොත්තුවෙයි.