ව්‍යාපාර පරිසරය පිළිබඳ ජපන්-ශ්‍රී ලංකා කමිටුව ආරම්භ කිරීම
2025/8/15

“ව්‍යාපාර පරිසරය පිළිබඳ ජපන්-ශ්‍රී ලංකා කමිටුව” දියත් කිරීම සඳහා වූ සමාරම්භක රැස්වීම අගෝස්තු 14 වන දින, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. සමාරම්භක රැස්වීමට කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය අනිල් ජයන්ත සහ තානාපති අතිගරු අකිඕ ඉසොමතා යන මහත්වරුන් සහභාගී වූ අතර, ඉන් අනතුරුව පළමු කමිටු රැස්වීම පවත්වන්නට යෙදුණි.

“ව්‍යාපාර පරිසරය පිළිබඳ ජපාන-ශ්‍රී ලංකා කමිටුවේ” මෙම පළමු රැස්වීමට ජපාන පාර්ශවයෙන් ජපාන තානාපති කාර්යාලය, ජපාන විදේශ වෙළඳ සංවිධානය [Japan External Trade Organization (JETRO)], ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය [Japan International Cooperation Agency (JICA)], ජපන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය [Japanese Chamber of Commerce and Industry (JCCI)], සහ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අදාළ ජපන් සමාගම් සහභාගී වූ අතර, ශ්‍රී ලංකා පාර්ශවයෙන් ආයෝජන මණ්ඩලය ඇතුළු අදාළ බලධාරීන් සහභාගී විය. මෙම කමිටුව තුළින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජපන් සමාගම් වල කටයුතු සම්බන්ධයෙන් සිදුකෙරෙන ගැඹුරු සාකච්ඡාවක් හරහා ඒවා මුහුණ දෙන ගැටළු විසඳීම අරමුණු කරයි.
එම අරමුණින් ක්‍රියාත්මකවන, “ජපාන-ශ්‍රී ලංකා රාජ්‍ය-පෞද්ගලික ඒකාබද්ධ සංසදය” නමින් වන සංසදයක් දැනටමත් ස්ථාපිතව ඇති අතර, ජපාන තානාපති කාර්යාලය, ජපන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇතුළු අදාළ ශ්‍රී ලංකා බලධාරීන් එක්ව මෙය සංවිධානය කර ඇත. කොවිඩ්-19 වසංගතය සහ ආර්ථික තත්ත්වයන් හේතුවෙන් මෙම වාර්ෂික ඒකාබද්ධ සංසදය 2019 ඔක්තෝබර් මස සිට පවත්වා නොමැත. ඉහත සඳහන් ඒකාබද්ධ සංසද රැස්වීම් අතර කාලානුරූපව අදාළ ගැටළු විසඳීම සඳහා කමිටු රැස්වීමක් පැවැත්වීමට අදහස් කෙරේ.

සමාරම්භක රැස්වීමේදී තනාපති ඉසොමතා මහතා විසින් ශ්‍රී ලංකා රජයට, ආයෝජන මණ්ඩලයට සහ අදාළ අනෙකුත් ආයතනවලට මෙම රැස්වීම කැඳවීමට සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙමින්, විනිවිදභාවය; පුරෝකථනය කිරීමේ හැකියාව; සහ වෙනස් කොට සැලකීම නොකිරීම යන, ව්‍යාපාරික පරිසරයක් සඳහා වන මූලික අංග තුන පිළිබඳව නැවත අවධාරණය කළේය. “විනිවිදභාවය යන්නෙන් අදහස් කරන්නේ අදාළ නීති, රෙගුලාසි සහ ප්‍රතිපත්ති ඉතා පැහැදිලි වන අතර, කිසිදු වරදවා වටහා ගැනීමකට හෝ අපැහැදිලි අර්ථකථනයකට ඉඩක් නොතබන බවයි. පුරෝකථනය කිරීමේ හැකියාව යන්නෙන් අදහස් කරන්නේ ව්‍යාපාරිකයින්ට කාලෝචිත ගැලපීම් කළ හැකි වන පරිදි මෙම නීති, රෙගුලාසි සහ ප්‍රතිපත්ති සඳහා වන ඕනෑම වෙනසක් කල්තියා නිවේදනය කළ යුතු බවයි. වෙනස් කොට සැලකීම නොකිරීම යන්නෙන් අදහස් කරන්නේ සාධාරණ තරඟකාරිත්වයක් ඇති කිරීම සඳහා සියලුම සමාගම් සහ පුද්ගලයින්ට එක හා සමානව සලකනු ලබන බවයි. මේ සියල්ල ආයෝජකයින්ට නව සහ අලුත් කළ ආයෝජන පිළිබඳ තීරණ ගැනීමට උපකාරී වනු ඇත. ශ්‍රී ලංකාවේ ජපන් ආයෝජකයින් මුහුණ දෙන සංයුක්ත ගැටළු වලට සැබෑ විසඳුම් සෙවීම සඳහා මෙම අලුතින් පිහිටුවන ලද කමිටුවේ රැස්වීම් කාර්තු මත පදනම්ව පවත්වනු ඇතැයි මම අවංකවම බලාපොරොත්තු වෙමි. ”
ගරු අමාත්‍ය ආචාර්ය ජයන්ත මහතා විසින් සිය කතාවේදී නිෂ්පාදන ක්‍රියාවලිය බලගැන්වීම සහ ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කිරීම සඳහා නව ආයෝජනවල වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදී. කළ අතර, යහපත් ව්‍යාපාරික පරිසරයක් සඳහා තානාපති ඉෙසාමතා මහතා විසින් පෙන්වා දුන් වැදගත් අංග තුන පිළිබඳව නැවත අවධාරණය කළ අමාත්‍යවරයා විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ දෙරටේ ද්විපාර්ශ්වික සම්බන්ධතාවය තවදුරටත් වර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති දැඩි කැපවීම නැවත තහවුරු කළේය.