මහාචාර්ය සජීව් ආරියසිංහ මහතා වෙත “තානාපතිතුමාගේ ප්‍රශංසාව” පිරිනැමේ

2025/9/1

2025 අගෝස්තු මස 27 වන දින ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු අකිඕ ඉසොමතා මහතා විසින්  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ කායික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සජීව් ආරියසිංහ මහතා වෙත  ප්‍රශංසා ත්මක සහතිකයක් පිරිනමන ලදී. ජපානය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වය වර්ධනය කිරීම වෙනුවෙන් මහාචාර්ය ආරියසිංහ මහතා විසින් ලබාදුන් කැපී පෙනෙන දායකත්වය මෙම සහතිකය ප්‍රදානය කිරීම මගින් අගය කිරීමට ලක්කරනු ලබයි. නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය රංජිත් ඩබ්ලිව්. පල්ලේගම මහතා ඇතුළු අනෙකුත් පීඨ සාමාජිකයින් සහ සිසුන්ගේ සහභාගීත්වයෙන්, විශ්වවිද්‍යාලය විසින් පවත්වන ලද “ජාත්‍යන්තර සතිය” වැඩසටහනේදී මෙම සහතික  ප්‍රදානෝත්සවය පැවැත්වීමට යෙදුණි.
 
වර්ෂ 1999 දී ජපන් රජය විසින් පිරිනමන ලද ශිෂ්‍යත්වයක් යටතේ ජපානයේ නීගතා  විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය උපාධි පාසලේ මුඛ කායික විද්‍යා අංශය වෙත ඇතුළත් වූ මහාචාර්ය සජීව් ආරියසිංහ මහතා, වර්ෂ 2004 දී සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන ලදී. ජපානයේ අධ්‍යාපනය නිමකිරීමෙන් පසු හෙතෙම පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ නීගතා   විශ්ව විද්‍යාලය අතර සහෝදර-සම්බන්ධක වැඩසටහනක් (Sister-Link Program) ස්ථාපිත කළ අතර, එම වැඩසටහනේ ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස සේවය කරමින් විශ්ව විද්‍යාල දෙක අතර දිගුකාලීන හවුල්කාරිත්වයට දායකත්වය ලබා ‌ දේ. ඔහුගේ නායකත්වය තුළින්, මෙම වැඩසටහන සාර්ථක වී ඇති අතර,  අධ්‍යයන හුවමාරුව, ඒකාබද්ධ පර්යේෂණ මුලපිරීම් සහ දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය පුළුල් කිරීමේ හැකියාව ලබා දී ඇත.


අතීතයේදී දන්ත වෛද්‍ය පීඨයේ සංවර්ධනය වෙනුවෙන් ජපාන රජය විසින් ලබාදුන් සහයෝගය පිළිබදව ආවර්ජනය කරමින් මහාචාර්ය ආරියසිංහ මහතා විසින් සායනික පුහුණු ආරම්භක උත්සවයේදී විශේෂ දේශනයක් පවත්වන ලදී. එහිදී ශ්‍රී ලංකාවේ දන්ත වෛද්‍ය අධ්‍යාපනයට ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) දැක්වූ ඓතිහාසික දායකත්වය ඉස්මතු කරමින්, සිසුන් අතර දැනුවත්භාවය වැඩි කිරීමට දායක විය.
 
හෙතෙම ජපාන උපාධිධාරී ආදි ශිෂ්‍ය සංගමයේ [Japanese Graduates' Alumni Association of Sri Lanka (JaGAAS)] ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප සභාපතිවරයෙකු ලෙසද සේවය කරන අතර, ජපානයේ අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකික ආදි ශිෂ්‍යයන් අතර සම්බන්ධීකරණය ප්‍රවර්ධනය කරයි.
 
ජපානය සහ ශ්‍රී ලංකාව අතර පුද්ගලයින් අතර හුවමාරුව තවදුරටත් වර්ධනය කිරීම සඳහා තම කැපවීම යළිත් තහවුරු කරමින්, ඔහු මෙම ගෞරවය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය.