ශ්‍රී ලංකාවට බලපෑ සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ හානිය පිළිබඳව විදේශ අමාත්‍ය මොතෙගි තොෂිමිත්සු මහතා විසින් නිකුත් කරනු ලැබූ ශෝක පණිවිඩය
2025/11/29
ශ්‍රී ලංකාවට බලපෑ සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ හානි සම්බන්ධයෙන්, ජපාන විදේශ අමාත්‍ය මොතෙගි තොෂිමිත්සු මහතා විසින්, නොවැම්බර් 29වන දින, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය ගරු විජිත හේරත් මහතා වෙත පහත සඳහන් ශෝක පණිවිඩය නිකුත් කරන ලදී.
ශ්‍රී ලංකාවට බලපෑ සුළි කුණාටුව හේතුවෙන් ගංවතුර සහ නායයෑම් ඇති වී තිබෙන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වටිනා ජීවිත රැසක් අහිමි වීම ඇතුළු හානි රාශියක් සිදුවී තිබේ. ජීවිත අහිමි වූ අයගේ ආත්මයන් වෙනුවෙන් මම යාඥා කරන අතර, ඔවුන්ගේ පවුල් වෙත මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිමි. පීඩාවට පත් වූවන්ගේ ඉක්මන් සුවය වෙනුවෙන් ද මම මාගේ හෘද්‍යාංගම ප්‍රාර්ථනාවන් පුදකර සිටිමි.
විදේශ අමාත්‍ය, මොතෙගි තොෂිමිත්සු.