ශ්‍රී ලංකාවේ සුළි කුණාටුවෙන් සිදු වූ හානි සඳහා හදිසි ආධාර
2025/11/29
2025 නොවැම්බර් 29 වන දින, සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ දැවැන්ත හානි පිළිබද සොයා බැලීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) හරහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයට තක්සේරු කණ්ඩායමක් යැවීමට ජපාන රජය තීරණය කර ඇත.
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සි (JICA) කාර්ය මණ්ඩලය සහ වෛද්‍ය නිලධාරීන් ඇතුළු සාමාජිකයින් 4 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම, වෛද්‍ය අවශ්‍යතා නිරීක්ෂණය කරනු ලබනු ඇති අතර, ජපන් ආපදා සහන කණ්ඩායමක් යැවීමේ හැකියාව සම්බන්ධීකරණය කරනු ඇත. මෙම කණ්ඩායම නොවැම්බර් 30 වන දින ජපානයෙන් පිටත්ව යනු ඇත.
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) හරහා විපතට පත් ජනතාවට කූඩාරම් සහ බ්ලැන්කට්ටු ඇතුළු හදිසි සහනාධාර භාණ්ඩ ලබා දීමට ද ජපාන රජය තීරණය කර තිබේ.
ජපානයේ මානුෂීය දෘෂ්ටිකෝණය සහ ශ්‍රී ලාංකික ජනතාව සමඟ ඇති සමීප සබඳතාව සැලකිල්ලට ගනිමින්, සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට හදිසි ආධාර සැපයීමට ජපානය තීරණය කර තිබේ.
(යොමුව) හානි පිළිබඳ දළ විශ්ලේෂණය (නොවැම්බර් 29 වන දින සවස 6 වන විට)
නොවැම්බර් මැද භාගයේ සිට අඛණ්ඩව පවතින මෝසම් වැසි හේතුවෙන් ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයන්ට අමතරව, නොවැම්බර් 27 වන දින දේශීය වේලාවෙන්, දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවට බලපාන ලදී. මෙය පුළුල් ලෙස පැතිරුණු අධික වර්ෂාපතනයක් ඇති කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 153 දෙනෙකු මිය ගිය අතර, ආසන්න වශයෙන් 770,000 ක ජනතාවක් පීඩාවට පත් වී ඇත.