ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ සුළි කුණාටුවෙන් සිදු වූ හානිවලට ප්‍රතිචාර වශයෙන් ජාත්‍යන්තර හදිසි ආධාර කණ්ඩායමක් සහ වෛද්‍ය කණ්ඩායමක් පිටත් කර හැරීම
2025/12/1
ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) තක්සේරු කණ්ඩායම විසින් වෛද්‍ය සහ අනෙකුත් අවශ්‍යතා පිළිබදව සිදු කරන ලද තක්සේරුව මත පදනම්ව, ජාත්‍යන්තර හදිසි ආධාර කණ්ඩායමක් සහ වෛද්‍ය කණ්ඩායමක් හානියට පත්වූ ප්‍රදේශ සදහා පිටත් කර යැවීමට ජපාන රජය තීරණය කර ඇත. ජාත්‍යන්තර හදිසි ආධාර කණ්ඩායම සහ වෛද්‍ය කණ්ඩායම ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) හි ලියාපදිංචි වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුළු සාමාජිකයින් 31 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඔවුන් දෙසැම්බර් 3 වන දින ජපානයෙන් පිටත්ව යාමට නියමිතය
මානුෂීය සලකා බැලීම් මෙන්ම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය සමඟ ජපානයේ මිත්‍ර සබඳතා මත පදනම්ව, වෛද්‍ය කණ්ඩායම ඇතුළුව, ආධාර සැපයීමට ජපාන රජය අදහස් කරයි.
මානුෂීය සලකා බැලීම් මෙන්ම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය සමඟ ජපානයේ මිත්‍ර සබඳතා මත පදනම්ව, වෛද්‍ය කණ්ඩායම ඇතුළුව, ආධාර සැපයීමට ජපාන රජය අදහස් කරයි.
