සෞඛ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය ජයතිස්ස මැතිතුමා, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ගරු ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මැතිතුමා සහ තානාපති ඉසොමත මැතිතුමා හලාවත ජපන් ආපදා සහන වෛද්‍ය කණ්ඩායමේ මෙහෙයුම් ස්ථානයට පැමිණ කෘතඥතාව සහ දිරිගැන්වීම පළ කළහ
2025/12/12

දෙසැම්බර් මස 12 වන දින, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු අකිඔ ඉසොමත මහතා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ගරු ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා සමඟ හලාවත පිහිටි ජපන් ආපදා සහන [Japan Disaster Relief (JDR)] වෛද්‍ය කණ්ඩායම විසින් පිහිටුවන ලද සහ ක්‍රියාත්මක කරන ලද ක්ෂේත්‍ර රෝහල නැරඹීමට ගියේය. JICA ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරෝනුමා මහතා ද එම ස්ථානීය සංචාරයට එක් විය.
ස්ථානීය සංචාරය අතරතුර, ගරු අමාත්‍යවරුන්ව සහ තානාපතිවරයාව මෙහි සිදුකෙරෙන අඛණ්ඩ වෛද්‍ය ක්‍රියාකාරකම් පිළිබඳව ජපන් වෛද්‍ය කණ්ඩායම විසින් දැනුවත් කරන ලදී. ජපන් ආපදා සහන ක්ෂේත්‍ර රෝහල දෙසැම්බර් මස 4 වන දින සිට ක්‍රියාත්මක වන අතර, දෙසැම්බර් මස 11 වන දින වන විට, මෙම ප්‍රදේශයේ ප්‍රජාවන්ගෙන් ප්‍රතිකාර ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 923 ක් වෙති.

ගරු අමාත්‍ය ජයතිස්ස මහතා ජපන් ආපදා සහන වෛද්‍ය කණ්ඩායමේ නොපසුබට හා කැපවීමෙන් කරන්නා වූ මෙම සේවයට සිය කෘතඥතාව පළ කළ අතර, කණ්ඩායමේ මෙහෙයුමට සහාය දුන් ජපානයේ වෘත්තිකයන් 29 දෙනෙකු සහ දේශීය පරිවර්තකයින් 15 දෙනෙකුගෙන් යුත් සමස්ත කණ්ඩායමට වාචික දිරිගැන්වීම් පිරිනැමීය.

මෙහිදී අදහස් දැක්වූ තානාපති ඉසොමත මහතා මෙසේ පැවසීය, “වෛද්‍ය සේවා සඳහා ප්‍රවේශය සම්බන්ධයෙන් වඩාත්ම බලපෑමට ලක් වූ ප්‍රදේශයක අත්‍යවශ්‍ය ආධාර සැපයීම සඳහා JDR වෛද්‍ය කණ්ඩායම සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති බව දැකීමට හැකිවීම ගැන මම සතුටු වෙමි. කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුගේම කැපවීම සහ උත්සාහය මම අගය කරමි, ඒ සමඟම, සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය සහ අනෙකුත් සියලුම රජයේ සහ අනෙකුත් ආයතන මෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාවට මෙම වෛද්‍ය කණ්ඩායමේ ක්‍රියාකාරකම් සඳහා සහයෝගය ලබා දීම පිළිබඳව ස්තූතිවන්ත වෙමි. ශ්‍රී ලංකාව හදිසි සහන අදියරේ සිට පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ කටයුතුවල ඊළඟ අදියර දක්වා ගමන් කරන විට, ජපානය ශ්‍රී ලංකාවේ ජනතාවට බාධාවකින් තොරව උපරිම සහාය ලබා දීම දිගටම කරගෙන යයි. මිත්‍රත්වය, විශ්වාසය සහ ගෞරවය යන ශක්තිමත් බැඳීම මත පදනම්ව ජපානය ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරයි”.

JDR වෛද්‍ය කණ්ඩායම විසින් සපයනු ලබන වෛද්‍ය සේවාවන්ට අමතරව, මහනුවර, මාතලේ, බදුල්ල ඇතුළු බලපෑමට ලක් වූ ප්‍රදේශවල අවතැන් වූ සහ පීඩාවට පත් ජනතාවගේ දුෂ්කරතා අවම කිරීම සඳහා JICA ආයතනය හරහා කූඩාරම්, බ්ලැන්කට්, සුළං පිරවිය හැකි නිදන මෙට්ට, ජල පිරිපහදු යන්ත්‍ර සහ ජෙරී කෑන් වැනි හදිසි සහන භාණ්ඩ මීට පෙර ලබා දී ඇත.
ශ්‍රී ලංකා රජය සමඟ සමීප සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවේ ආපදා ප්‍රතිචාර දැක්වීමට සහ ජාතිය ගොඩනැගීමේ ප්‍රයත්නයන්ට සහාය වීමට ජපන් රජය දැඩි ලෙස කැපවී සිටී.
