සුළි කුණාටු ව්‍යසනයට ප්‍රතිචාර වශයෙන් හදිසි ආධාර ප්‍රදානයක් සඳහා ජපානයේ තීරණය තානාපති ඉසොමත මහතා විසින් ශ්‍රී ලංකාවේ ගරු විදේශ අමාත්‍යවරයා වෙත දැනුම් දෙයි
2025/12/17

දෙසැම්බර් 17 වන දින උදෑසන, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු අකිඔ ඉසොමත මහතා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතා හමුවීමට ගිය අතර, දෙසැම්බර් 16 වන දින ජපන් රජය විසින් ශ්‍රී ලංකා රජයට ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක හදිසි ආධාර ප්‍රදානයක් ලබා දීමට ගත් තීරණය දැනුම් දෙන ලදී. "ඩිට්වා" සුළි කුණාටුවෙන් සිදු වූ පුළුල් හානියට ප්‍රතිචාර වශයෙන්, මෙම ආධාර ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය [International Organization for Migration (IOM)], ලෝක ආහාර වැඩසටහන [World Food Programme (WFP)] සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල [United Nations Children's Fund (UNICEF)] සමඟ හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.

IOM හරහා, ජපානය මහනුවර, බදුල්ල සහ කෑගල්ල යන ප්‍රදේශවල දැඩි ලෙස පීඩාවට පත් නිවාස සඳහා මුළුතැන්ගෙයි කට්ටල, සේදුම් කට්ටල සහ ඇඳ ඇතිරිලි කට්ටල ඇතුළුව නවාතැන් කට්ටල 615 ක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1 ක ආධාර ලබා දෙනු ඇත.
WFP හරහා ජපානය, මහනුවර, බදුල්ල, නුවරඑළිය සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල දැනට ආරක්ෂිත කදවුරැ වල ජීවත්වන නිවැසියන් සඳහා හදිසි ආහාර ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1 ක ආධාරයක් ලබා දෙනු ඇත. මෙම ආධාර යටතේ, ඒම නිවැසියන්ට තම පවුල් වලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට හැකි වනු ඇත.

ඊට අමතරව, යුනිසෙෆ් ආයතනය හරහා ජපානය මධ්‍යම, ඌව, නැගෙනහිර, බටහිර සහ වයඹ පළාත්වල දැඩි ලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ජලය, සනීපාරක්ෂාව සහ ළමා ආරක්ෂාව සඳහා ඇමරිකානු ඩොලර් 500,000 ක ආධාර ලබා දෙනු ඇත. මෙම සහයෝගය හදිසි ජලය සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය සැපයීම, ජල සැපයුම් පහසුකම්වල අක්‍රමිකතා අලුත්වැඩියා කිරීම සහ ජලයෙන් බෝවන රෝග වැළැක්වීම සඳහා සනීපාරක්ෂක පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම මගින් ආරක්ෂිත ජලය සහතික කිරීමට සහ ආරක්ෂිත මධ්‍යස්ථානවල බෝවන රෝග වැළැක්වීමට දායක වනු ඇත.
ගරු අමාත්‍ය හේරත් මහතා මෙම කාලෝචිත සහයෝගය සඳහා සිය හෘදයාංගම ස්තූතිය සහ කෘතඥතාව පළ කළ අතර, JICA ආයතනය හරහා හදිසි සහන භාණ්ඩ මෙයට පෙර සැපයීම මෙන්ම ජපාන ආපදා සහන වෛද්‍ය කණ්ඩායම පිටත් කර ඒවීම ඇතුළුව ජපන් රජයේ අඛණ්ඩ සහයෝගයට තවදුරටත් ප්‍රශංසා කළේය.

මෙම ආධාර මගින් ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඇති විශ්වාසයේ සහ මිත්‍රත්වයේ ශක්තිමත් බැඳීම පිළිබිඹු වන බවත්, අවශ්‍යතා ඇති අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ ජනතාවට සහාය වීම සඳහා ජපානයේ නොසැලෙන කැපවීම තවදුරටත් ෙමමගින් අවධාරණය කරන බවත් තානාපති ඉසොමත මහතා අවධාරණය කළේය. මෙම දුෂ්කර කාල පරිච්ඡේදයට මුහුණ දෙන විට ජපානය ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ පූර්ණ සහයෝගීතාවයෙන් සිටින බව ඔහු නැවතත් තහවුරු කළේය.
ගරු අමාත්‍ය හේරත් මහතා සමඟ පැවති හමුවෙන් පසුව, තානාපති ඉසොමත මහතා, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා, IOM හි දූත මණ්ඩල ප්‍රධානී ක්‍රිස්ටින් පාර්කෝ මහත්මිය, WFP නියෝජිත පිලිප් වෝඩ් මහතා සහ UNICEF නියෝජිත එමා බ්‍රිගම් මහත්මිය සමඟ මාධ්‍ය හමුවක් පැවැත්වීය. මෙම සාකච්ඡා සැසියේදී ජපානයේ පුළුල් සහාය සහ අවශ්‍යතා ඇති ශ්‍රී ලංකාවේ ජනතාවට සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ පද්ධතිය සමඟ එහි සමීප සහයෝගීතාවය ඉස්මතු කරන ලදී.
