ව්‍යාපාරික පරිසරය පිළිබඳ 3 වන ජපන්-ශ්‍රී ලංකා කමිටුව රැස්වේ
2026/2/23

පෙබරවාරි මස 23 වන දින, ව්‍යාපාර පරිසරය පිළිබඳ ජපන්-ශ්‍රී ලංකා කමිටුවේ තුන්වන රැස්වීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී [Board of Investment (BOI)] පැවැත්විණි.
ජපන් තානාපති කාර්යාලය, ජපන් බාහිර වෙළඳ සංවිධානය [Japan External Trade Organization (JETRO)], ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය [Japan External Trade Organization (JICA)], ජපන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (JCCI), ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අදාළ ජපන් සමාගම් මෙන්ම ආයෝජන මණ්ඩලයේ සහ අනෙකුත් අදාළ ශ්‍රී ලාංකික ආයතනයන් හී නිලධාරීන් මෙම රැස්වීමට සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ ජපන් ව්‍යවසායන් දැනට මුහුණ දෙන ව්‍යාපාර ආශ්‍රිත ගැටළු රාශියක් පිළිබඳව දෙපාර්ශ්වයම සැලකිය යුතු සාකච්ඡාවල මෙහිදී නිරත වූහ.
පෙබරවාරි මස 16 වන දින පැවති අන්තර් රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති සංවාදය ගැන සඳහන් කරමින්, ශ්‍රී ලංකාවේ ජපන් ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ පවතින අභියෝගවලට මුහුණ දීම සඳහා භාවිතා කල හැකි ක්‍රම සාකච්ඡා කරන ලද අතර, ජපන් තානාපති කාර්යාලයේ ආර්ථික අංශයේ ප්‍රධානී ඔහාෂි කෙන්ජි මහතා, අනාගත ජපන් ආයෝජකයින් සඳහා වැඩිදියුණු කළ ව්‍යාපාරික පරිසරයක් පෝෂණය කිරීමේදී කමිටුවේ කාර්යභාරයේ වැදගත්කම ෙමහිදී අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජපන් සමාගම් මුහුණ දෙන සංයුක්ත ගැටළු විසඳීමේ වැදගත්කම ඔහු තවදුරටත් අවධාරණය කළේය.
මෙම සන්දර්භය තුළ, ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රජයේ අනෙකුත් අදාළ ආයතන විසින් ලබා දෙන ලද සමීප සහයෝගීතාවයට ඔහාෂි මහතා සිය අවංක කෘතඥතාව පළ කළේය.
