ජපානය, පරිසර හිතකාමී, විශාල ප්‍රමාණෙය් පහත් බිම් බස් රථ පරිත්‍යාග කිරීමෙන් “පිරිසිදු ශ්‍රී ලංකාව” සංකල්පය සඳහා සහයෝගය ලබා දෙයි
2026/3/27

2026 මාර්තු 27 වන දින, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු අකිඔ ඉසොමත මහතා, “බිම් මට්ටමේ මානව ආරක්ෂක ව්‍යාපෘති සඳහා වන ආධාර ප්‍රදාන (GGP)” යෝජනා ක්‍රමය යටතේ, පොදු ප්‍රවාහනය සඳහා විශාල ප්‍රමාණයේ පහත් බිම් බස් රථ අටක් (8) සැපයීම සඳහා ව්‍යාපෘතියක් සඳහා වන ප්‍රදාන කොන්ත්‍රාත්තුවක් අත්සන් කළේය. තානාපතිවරයා සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ. කපිල සී. කේ. පෙරේරා මහතා අතර මෙම ගිවිසුම අත්සන් කරන ලදී.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජපන් රජය ඇමරිකානු ඩොලර් 362,476 ක් (ආසන්න වශයෙන් රු. මිලියන 112) ලබා දී ඇත. 2025 පෙබරවාරි මාසයේ දී එවකට ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී, එතුමිය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවති සාකච්ඡාවලින් පසුව ජපානයෙන් විශාල ප්‍රමාණයේ පහත් බිම් බස් රථ ලබා දීම සඳහා ජනාධිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මත කෙරැනි.
මෙම ව්‍යාපෘතියේ වැදගත්කම අවධාරණය කරමින් තානාපති ඉසොමත මහතා මෙසේ පැවසීය: “සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද භාවිතා කළ වාහන වන, ලබා දීමට නියමිත විශාල ප්‍රමාණෙය් පහත් බිම් බස් රථ, යුරෝ 4 විමෝචන ප්‍රමිතීන්ට අනුකූල වන අතර, ඒවා ඉතාමත් පරිසර හිතකාමී බව සහතික කරයි. මෙම ව්‍යාපෘතිය ප්‍රවාහන අංශයේ "හරිතකරණය" ඉදිරියට ගෙන යාමෙන් - වත්මන් පරිපාලනයේ වැදගත්ම ප්‍රතිපත්තිවලින් එකක් වන - "පිරිසිදු ශ්‍රී ලංකාව" සංකල්පය සඳහා මුලපිරීමට සෘජුවම සහාය දක්වයි. මෙම උසස් ප්‍රමිතියෙන් යුත් වාහන හඳුන්වාදීමෙන්, අපි තීරණාත්මක නාගරික අභියෝගවලට මුහුණ දීම අරමුණු කරමු: රථවාහන තදබදය අවම කිරීම, ආර්ථික කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ එමඟින් රථවාහන තදබදය නිසා සිදුවන ආර්ථික පාඩු අවම කිරීමට දායක වීම. වැඩිහිටි පුද්ගලයින්ට සහ ආබාධ සහිත පුද්ගලයින්ට ප්‍රවේශ විය හැකි පහත් මහලේ බස් රථ, ජපාන රජය තම රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ ප්‍රධාන කුළුණු වලින් එකක් ලෙස අනුගමනය කරන "මානව ආරක්ෂාව" යන සංකල්පයට ද සමපාත වේ, අවදානමට ලක්විය හැකි ජනතාවට ගෞරවාන්විතව ජීවත් වීමට ආරක්ෂා කිරීම සහ බලගැන්වීම අරමුණු කර ගෙන. මෙම බස් රථ ශ්‍රම බලකායේ සුමට සංචලනය සඳහා පහසුකම් සැලසීමෙන් ශ්‍රී ලාංකිකයන්ගේ සමස්ත ජීවන තත්ත්වය [Quality of Life (QOL)] වැඩිදියුණු කිරීමට උපකාරී වන බව මම විශ්වාස කරමි.”

මෙම ආධාර ප්‍රදානය ලැබීම පිළිබඳව අදහස් දක්වමින්, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශෙය් ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ. කපිල සී. කේ. පෙරේරා මහතා මෙසේ පැවසීය.
“මෙම වටිනා පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ ජනතාවගේ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරන පොදු ප්‍රවාහන සේවය නවීකරණය කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වැදගත් පියවරක් නියෝජනය කරන අතර, එය ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමේදී සෘජු හා දිගුකාලීන ප්‍රතිලාභ ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරමු. ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා “සමෘද්ධිමත් ජාතියක් - සුන්දර ජීවිතයක්” යන ජාතික දැක්ම යථාර්ථයක් බවට පත් කිරීම සඳහා දිගුකාලීන වැඩසටහනට දායක වීම වෙනුවෙන් ජපන් රජයට සහ ජනතාවට අපගේ අවංක කෘතඥතාව පළ කරන අතර, මෙය දෙරට අතර කල් පවතින සහ දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවත්, අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් අනාගතයක් ගොඩනැගීම සඳහා සහයෝගී උත්සාහයක් පෝෂණය කරනු ඇති බවත් අපි තරයේ විශ්වාස කරමු.”
1989 සිට ජපානය බිම් මට්ටමේ මානව ආරක්ෂක ව්‍යාපෘති සඳහා වන ආධාර ප්‍රදාන (GGP)” යෝජනා ක්‍රමය හරහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 62 ක ආධාර ලබා මේ වනවිට ලබා දී ඇත.
