ව්‍යාපාරික පරිසරය පිළිබඳ ජපන්-ශ්‍රී ලංකා කමිටුව සිව්වැනිවරට රැස්වේ
2026/6/2

ජූනි මස 3 වන දින, ව්‍යාපාර පරිසරය පිළිබඳ ජපන්-ශ්‍රී ලංකා කමිටුවේ සිව්වන රැස්වීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී [Board of Investment (BOI)] පැවැත්විණි.
ජපන් තානාපති කාර්යාලය, ජපන් විදේශ වෙළඳ කටයුතු පිළිබඳ සංවිධානය [Japan External Trade Organization (JETRO)], ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය [Japan External Trade Organization (JICA)], ජපන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (JCCI), ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අදාළ ජපන් සමාගම් මෙන්ම ආයෝජන මණ්ඩලයේ සහ අනෙකුත් අදාළ ශ්‍රී ලාංකික ආයතනයන් හී නිලධාරීන් මෙම රැස්වීමට සහභාගී වූහ.
ආයෝජන මණ්ඩලයේ නව වැඩබලන සභාපති ආචාර්ය ජයවර්ධන මහතා සිය අදහස් දක්වමින්, මෙම කමිටුව සංවිධානය කිරීම සඳහා ජපාන සහ ශ්‍රී ලංකා දෙපාර්ශ්වයේම සියලුම පාර්ශ්වකරුවන් දැරූ උත්සාහයන් පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. හිතකර ව්‍යාපාරික පරිසරයක් පෝෂණය කිරීම සහ ඉලක්කගත විදේශ සෘජු ආයෝජන [Foreign Direct Investment (FDI)] ඇමරිකානු ඩොලර් බිලියන දෙකක් දක්වා ඉහල නැංවීමෙී ශ්‍රී ලංකාවේ අරමුණට සහාය වීම සඳහා කමිටුවේ කාර්යභාරයේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.

ජපාන වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති කිෂි මහතා, සම්බන්ධ වූ සියලු පාර්ශ්වයන්ට සිය කෘතඥතාව පළ කළ අතර, ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම ඵලදායී සංවාදය පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජපන් ව්‍යවසායන් කෙරෙහි වර්තමානයේ බලපාන ව්‍යාපාර සහ ආයෝජන ආශ්‍රිත ගැටළු රාශියක් පිළිබඳව මෙම රැස්වීමේදී සැලකිය යුතු හා ඵලදායී සාකච්ඡා පැවැත්විණි. ආයෝජකයින් මුහුණ දෙන අභියෝග පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර, ජපන් ආයෝජන සහ දෙරට අතර ආර්ථික සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ අරමුණින් රටේ ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කළහැකි මාර්ග පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
