සසකාවා අනුස්මරණ ශ්‍රී ලංකා-ජපාන සංස්කෘතික මධ්‍යස්ථානය උත්සවාකාරයෙන් විවෘත කිරීම

2026/6/12

ජුනි 11 වන දින, “සසකවා මධ්‍යස්ථානය” ලෙස හැඳින්වෙන සසකවා අනුස්මරණ ශ්‍රී ලංකා-ජපාන සංස්කෘතික මධ්‍යස්ථානය උත්සවාකාරයෙන් විවෘත කිරීම කොළඹදී සිදුකරන ලදී.

  

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස අග්‍රාමාත්‍ය ගරු හරිනි අමරසූරිය මහත්මිය සහභාගී විය. ජපානයේ නිප්පොන් පදනමේ ගරු සභාපති යොහෙයි සසකාවා මහතා සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු අකිඔ ඉ‌සොමතා යන මහත්වරුන්  ගෞරවනීය ආරාධිතයින් ලෙස මෙම උත්සවයට සහභාගීවිය.                         
 
පැමිණ සිටි සම්භාවනීය අමුත්තන් අතර ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙ‍නෙවි යන මහත්වරුන්ද විය.

  

දශක තුනකට අධික කාලයක් තිස්සේ, සසකාවා මධ්‍යස්ථානය ජපන්-ශ්‍රී ලංකා මිත්‍රත්වයේ සහ හුවමාරුවේ කැපී පෙනෙන සංකේතයක් ලෙස විද්‍යාමානව සිටින අතර, ජපන් භාෂා පුහුණු පන්තිවල සිට වෘත්තීය කුසලතා වැඩි දියුණු කිරීමේ සම්මන්ත්‍රණ දක්වා පුළුල් ක්‍රියාකාරකම් සඳහා සහාය වේ.  
 
පසුගිය සැප්තැම්බර් මාසයේදී අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපාන සංචාරයෙන් පසු ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා නව පරිච්ඡේදයකට පිවිසෙන මෙම මොහො‌තේ දී, අභිනවයෙන් විවෘත කරන ලද ‌මෙම මධ්‍යස්ථානය මිත්‍රත්වයේ සංකේතයක් මෙන්ම දෙරට අතර සංස්කෘතික, අධ්‍යාපනික සහ ජනතාව අතර හුවමාරු සඳහා වන කේන්ද්‍රස්ථානයක් ලෙසද සේවය කරනු ඇත.‌

ඡායාරූප අනුග්‍රහය: අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සහ ආරක්ෂක අමාත්‍යාංශය