ශ්‍රී ලංකාවේ 2026 ජපන් බොන් ඔදොරි උත්සවය

2026/7/14
බොන් ඔදොරි උත්සවය 2026 ජුලි 11 වැනිදා මහරගම, ජාතික තරුණ සේවා සභා (NYSC) පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි. මෙම උත්සවය හරහා විශාල ජනකායකට ජපන් සංස්කෘතිය, සම්ප්‍රදායන්, සංගීතය, නර්තනය සහ ආහාර රස බැලීමේ විශේෂ අවස්ථාවක් උදාවිණ.
 
මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු දිනිදු සමන් හෙන්නායක මහතාද , ශ්‍රී ලංකාවේ වැඩබලන ජපන් තානාපති ගරු ක‌මොෂිද නඔඅකි  මැතිතුමාද, මහරගම නගර සභාවේ සභාපති සමන් සමරකෝන් මහතාද,  ජාතික තරුණ සේවා සභාවේ සභාපති සුපන් විජේරත්න මහතා මෙන්ම ජපාන එකමුතු සංගමයේ (JSA) සභාපති ඔත්සුකී තකායුකි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

  

මෙම උත්සවය විවිධ කලා අංගයන්  ගෙන් සමන්විත වූ අතර, විශාල ජනතාවකගේ අවධානය දිනා ගන්නා ලදී. තෝකියෝ ඔන්දෝ (තෝකියෝ නර්ථන අංගය) සහ තැන්කෝ බුෂි වැනි ජනප්‍රිය ගීත සමඟ බොන් ඔදෝරි නැටුම් කොළඹ ජපන් පාසලේ සිසුන්, ලංකා නිපොන් බිස්ටෙක් ආයතනය (LNBTI) සහ ජාතික තරුණ සේවා සභාව (NYSC) විසින් ඉදිරිපත් කරන ලදී.

  

බොන් ඔදොරි නර්තනවලට අමතරව පහත දැක්වෙන අංගයන්ද ඉදිරිපත් කෙරිණි.
 
• කොළඹ ජපන් පාසලේ සහ ජාතික තරුණ සේවා සභාවේ (NYSC) සිසුන් විසින් ඉදිරිපත් කරන ලද සාම්ප්‍රදායික ජපන් තරංග නාද කලා අංගය. (“වදයිකෝ”)
• කොළඹ ජපාන පාසලේ සිසුන් විසින් ඉදිරිපත් කරන ලද ජපාන නර්ථනය “නන්චු සෝරන්”.
• LNBTI සිසුන් විසින් ඉදිරිපත් කරන ලද J-Pop නර්තනය.
• 2026 වසරේ ජපන් ගී සංගීත තරඟාවලිය Nodojiman ජයග්‍රාහකයන් විසින් ගායනා කරන ලද ජපන් ගීත.
• ජාතික තරුණ සේවා සභාවේ (NYSC) ශිෂ්‍යයින් විසින් ඉදිරිපත් කරන ලද කරාටේ සංදර්ශනය
• ජපානයේ විදේශ සහයෝගීතා ස්වෙච්ඡා සේවකයන් (JOCV) විසින් ගායනා කරන ලද ජපාන සහ සිංහල ගීත
• ජාතික තරුණ සේවා සභාවේ  (NYSC) ශිෂ්‍යයින් විසින් ඉදිරිපත් කරන ලද ලාංකීය ගීත හා නර්තන
 
   
 
  

  

එමෙන්ම කූරාකු, යාමාටෝ, ශිකිසේන්, ගින්සා-හොහ්සේන්, සුෂි බාර් සමුරායි, මිනෝරි, සහ නිහොන්බෂි වැනි  සුප්‍රසිද්ධ අවන්හල් විසින් ජපන් ආහාර කුටි සංවිධානය කර තිබුණු අතර, ජාතික තරුණ සේවා සභාවේ සූපවේදී ශිෂ්‍යයින්ද ඔවුන්ගේ සූපවේදී දක්ෂතාවයන් මෙහිදී ඉදිරිපත් කළේය.


ඔරිගමි ෆොල්ඩර්ස් සංගමය, ජේඕසීවී (JOCV), එල්එන්බීටීඅයි (LNBTI), ජාත්‍යන්තර සම්බන්ධතා සඳහා දේශීය බලධාරීන්ගේ සභාව (CLAIR), හා කාර්මික ආධ්‍යාත්මික සහ සංස්කෘතික ප්‍රවර්ධන සංවිධානය (OISCA) විසින් පිහිටුවා තිබු සංස්කෘතික කුටි මෙම  උත්සවයට අධ්‍යාපනික හා කලාත්මක වටිනාකමක් එකතු කරන ලදී.
 
  

  

බොන් ඔදොරි උත්සවය ජපානය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිතුදමේ සංකේතයක් වශයෙන් සැලකෙන අතර, සංස්කෘතික හුවමාරුව සඳහා විශේෂ වේදිකාවක් සපයමින්, දෙරට ජනතාව අතර සබඳතා ශක්තිමත් කරයි.