ජපානය සහ ශ්‍රී ලංකාව අතර කුසලතා සංවර්ධන වැඩසටහන සඳහා වන රැකියා පිළිබඳ සහයෝගිතා ගිවිසුම

2026/7/30
ජපන් රජය (එනම් අධිකරණ අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය, කම්කරු හා සුභසාධන අමාත්‍යාංශය සහ ජාතික පොලිස් ඒජන්සිය - මින් ඉදිරියට "අදාළ අමාත්‍යාංශ සහ ආයතන" ලෙස හැඳින්වේ) සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජය (එනම් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය) අතර, 'නිපුණතා සංවර්ධන වැඩසටහන යටතේ රැකියා ලබා දීම' පිළිබඳ සහයෝගීතා අවබෝධතා ගිවිසුමක් (MOC), 2026 ජූලි මස 23 වන දින අත්සන් තබන ලදී.

තාක්ෂණික අභ්‍යාසලාභී පුහුණු වැඩසටහන (Technical Intern Training Program) සම්බන්ධ සහයෝගීතා අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාව සමඟ දැනටමත් ක්‍රියාත්මකව පැවතියද, එම වැඩසටහන ප්‍රතිස්ථාපනය කරමින් 2027 අප්‍රේල් මාසයේ සිට ආරම්භ වීමට නියමිත 'නිපුණතා සංවර්ධනය සඳහා වන රැකියා වැඩසටහන' (Employment for Skill Development Program) හා සමගාමීව දෙරට අතර මෙම නව සහයෝගීතා අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී.
 
මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණ වන්නේ නිපුණතා සංවර්ධන සේවකයින් ආරක්ෂා කිරීම සහ දෙපාර්ශ්වය අතර නිපුණතා සංවර්ධන සේවකයින් යැවීම සහ පිළිගැනීම සඳහා වගකීම් නියම කිරීම මගින් ද්විපාර්ශ්වික සහයෝගීතාවය යටතේ නිපුණතා සංවර්ධන වැඩසටහන සඳහා රැකියා ප්‍රවර්ධනය ප්‍රමාණවත් ලෙස ප්‍රවර්ධනය කිරීමයි.

මෙම අවබෝධතා ගිවිසුමේ (MOC) ප්‍රධාන කරුණු පහත දැක්වේ:
  1. ජපානයේ අමාත්‍යාංශ සහ ආයතනවල කැපවීම්
  • ජපානයේ 'කුසලතා සංවර්ධන රැකියා පනත' (*) හි දක්වා ඇති නිර්ණායකවලට අනුකූලව, අධීක්ෂණ හා සහායක සංවිධානවල බලපත්‍රය සහ කුසලතා සංවර්ධන රැකියා සැලැස්මේ (Employment for Skill Development Plan) ප්‍රතීතනය සම්බන්ධ පරිපාලන කටයුතු නිසි පරිදි සිදු කිරීම.
  • යම් අධීක්ෂණ හා සහායක සංවිධානයක බලපත්‍රය හෝ කුසලතා සංවර්ධන රැකියා සැලැස්මක ප්‍රතීතනය අදාළ අමාත්‍යාංශ සහ ආයතන විසින් අවලංගු කරනු ලැබුවහොත්, ඒ පිළිබඳව ශ්‍රී ලංකා පාර්ශ්වයට දැනුම් දීම.
  • කුසලතා සංවර්ධනය සඳහා වන රැකියා ක්‍රියාත්මක කරන අදාළ ආයතනය පිළිබඳව විමර්ශනය කිරීම, උපදෙස් ලබා දීම සහ අධීක්ෂණය කිරීම; එමෙන්ම, නුසුදුසු කුසලතා සංවර්ධනය සඳහා වන රැකියා ක්‍රියාත්මක කරන ආයතනයක් පිළිබඳව ශ්‍රී ලාංකික පාර්ශ්වය විසින් දැනුම් දෙනු ලැබුවහොත්, ඒ සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීම සහ එහි ප්‍රතිඵල ශ්‍රී ලාංකික පාර්ශ්වයට දැනුම් දීම. (*) කුසලතා සංවර්ධනය සඳහා වන රැකියා නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහ කුසලතා සංවර්ධන සේවකයින් ආරක්ෂා කිරීම පිළිබඳ පනත (2016 අංක 89 දරන පනත)
  1.  ශ්‍රී ලංකාවේ අදාළ අමාත්‍යාංශය විසින් ඉටු කිරීමට නියමිත වගකීම්
  • අවබෝධතා ගිවිසුම (MOC) තුළ දක්වා ඇති නිර්ණායකවලට අනුකූලව, සේවකයන් යොමු කරන ආයතන (sending organizations) අනුමත කිරීම හා සම්බන්ධ පරිපාලන කටයුතු නිසි පරිදි සිදු කිරීම.
  • අනුමත යොමු කිරීමේ ආයතනයක් සඳහා ලබා දී තිබූ අනුමැතිය ශ්‍රී ලංකා පාර්ශ්වය විසින් අවලංගු කරනු ලැබුවහොත්, ඒ පිළිබඳව ජපාන පාර්ශ්වයට දැනුම් දීම.
  • යම් යොමු කිරීමේ ආයතනයක් නුසුදුසු බවට ජපාන පාර්ශ්වය විසින් දැනුම් දෙනු ලැබුවහොත්, එම ආයතනය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම, අවශ්‍ය මගපෙන්වීම් හා අධීක්ෂණය ලබා දීම සහ එහි ප්‍රතිඵල ජපාන පාර්ශ්වයට වාර්තා කිරීම.
  1. පොදු විධිවිධාන
  • 'කුසලතා සංවර්ධනය සඳහා වන රැකියා වැඩසටහන' ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම නියෝජිතයින් අවශ්‍යතාවය අනුව කලින් කලට සාකච්ඡා කරනු ඇත.
  • මෙම අවබෝධතා ගිවිසුම (MOC) යටතේ වන සහයෝගීතාව ඊට අත්සන් තබන දිනයේ සිට ආරම්භ වනු ඇත.
ඇමුණුම:
ජපානයේ අධිකරණ අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය, කම්කරු හා සුභසාධන අමාත්‍යාංශය සහ ජාතික පොලිස් ඒජන්සිය මෙන්ම ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය අතර 'කුසලතා සංවර්ධනය සඳහා වන රැකියා වැඩසටහන' පිළිබඳ සහයෝගීතා ගිවිසුම (ඉංග්‍රීසි).