සෞඛ්ය හා වෛද්ය සේවා වැඩිදියුණු කිරීමේ ව්යාපෘතිය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ නව හෘද රෝග සහ හෘද-උරස් ශල්ය වෛද්ය ඒකක සංකීර්ණ ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ උත්සවය
2026/9/17

2026 සැප්තැම්බර් මස 16 වන දින, අනුරාධපුර ශික්ෂණ රෝහලේ නව හෘද රෝග හා හෘද-උරස් ශල්ය වෛද්ය ඒකක සංකීර්ණ ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ උත්සවයට ශ්රී ලංකාවේ ජපාන තානාපති ගරු අකිඔ ඉසොමත මැතිතුමා සහභාගී විය. මෙම අවස්ථාවට ශ්රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය ගරු වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සහ ජයිකා (JICA) ශ්රී ලංකා කාර්යාලයේ ප්රධාන නියෝජිත ෂිගියෝ හොන්සු මහතා ද සහභාගී වූහ.
ජපාන රජයේ යෙන් බිලියන 10.6ක (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 70කට සමාන) සහනදායී ණයක් මගින් මූල්යමය දායකත්වය සපයන “සෞඛ්ය හා වෛද්ය සේවා වැඩිදියුණු කිරීමේ ව්යාපෘතියේ” වැදගත් සන්ධිස්ථානයක් මෙම උත්සවය මගින් සනිටුහන් කෙරේ. තෘතියික මට්ටමේ රෝහල්වල වෛද්ය පහසුකම් සහ උපකරණ වැඩිදියුණු කිරීම මෙන්ම වෛද්ය කාර්ය මණ්ඩලය සඳහා පුහුණු මධ්යස්ථාන වැඩිදියුණු කිරීම හරහා, බෝ නොවන රෝග [Non-Communicable Diseases (NCDs)], විශේෂයෙන්ම හෘද වාහිනී රෝග වැළැක්වීම, රෝග විනිශ්චය සහ ප්රතිකාර සඳහා වන වෛද්ය සේවාවන් වැඩිදියුණු කිරීම මෙම ව්යාපෘතියේ අරමුණයි. මෙම ව්යාපෘතිය යටතේ ලබා දෙනු ලබන වෛද්ය උපකරණ නඩත්තු කිරීම සඳහා වන පුහුණුව ද ඊට ඇතුළත් වේ.

මෙම ව්යාපෘතිය යටතේ, ත්රිකුණාමලය දිස්ත්රික් මහ රෝහලේ සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේ නව පහසුකම් ඉදි කෙරෙනු ඇත. ජපාන සමාගම් විසින් නිෂ්පාදිත උපකරණ ඇතුළු උසස් වෛද්ය උපකරණ මෙම රෝහල් දෙකෙහි මෙන්ම මහනුවර, කුරුණෑගල සහ බදුල්ල යන ප්රදේශවල පිහිටි තවත් ප්රධාන තෘතියික සත්කාරක රෝහල් තුනක ස්ථාපිත කිරීමට නියමිත අතර, ඊට අමතරව වෛද්ය රසායනාගාර තාක්ෂණවේදීන් සඳහා වන පුහුණු උපකරණ ද ලබා දෙනු ඇත.
මෙහිදී සිය අදහස් දක්වමින් තානාපති ඉසොමත මැතිතුමා මෙසේ ප්රකාශ කළේය: “ශ්රී ලංකාවේ සෞඛ්ය ක්ෂේත්රය තුළ ජපානයට ශ්රී ලංකාව සමඟ දිගුකාලීන සහයෝගීතා ඉතිහාසයක් පවතී. 1970 දශකයේ අගභාගයේ සිට 1990 දශකය දක්වා වූ කාලසීමාව තුළ, ශ්රී ජයවර්ධනපුර මහ රෝහල සහ පේරාදෙණිය ශික්ෂණ රෝහල මෙන්ම පේරාදෙණිය විශ්වවිද්යාලයේ දන්ත වෛද්ය විද්යා පීඨය ස්ථාපිත කිරීමට අපි සහාය ලබා දුන්නෙමු. අනුරාධපුර ශික්ෂණ රෝහල සම්බන්ධයෙන් ගත් කල, 2008 සහ 2009 වසරවලදී ප්රදාන ආධාර මගින් එහි සංවර්ධන කටයුතු සඳහා ද ජපානය සහාය දැක්වීය. අද වන විට මෙම රෝහල උසස් වෛද්ය ප්රතිකාර සපයන ප්රධාන මධ්යස්ථානයක් පමණක් නොව, උතුරු මැද පළාතේ මීළඟ පරම්පරාවේ වෛද්යවරුන්, හෙද හෙදියන් සහ අනෙකුත් වෛද්ය සේවා වෘත්තිකයන්ගේ අධ්යාපනය සහ පුහුණුව සඳහා වන වැදගත් මධ්යස්ථානයක් ද වී තිබේ.”

ශ්රී ලංකාවේ සිදුවන සමස්ත මරණවලින් 80%කට අධික සංඛ්යාවකට බෝ නොවන රෝග හේතු වන අතර, ඉන් හෘද හා රුධිර නාල ආශ්රිත රෝග පමණක් ආසන්න වශයෙන් 40%ක ප්රතිශතයක් දරන බව පෙන්වා දුන් ඔහු මෙසේ ද පැවසීය: “මෙම නව පහසුකම් මගින් උතුරු මැද පළාතේ රෝගීන්ට වඩාත් වේගවත් හා නිවැරදි රෝග විනිශ්චයක් සහ ප්රතිකාර ලබා ගැනීමට හැකිවනු ඇතැයි ද, එමගින් අවසානයේදී බොහෝ ජීවිත බේරා ගැනීමට දායකත්වයක් ලැබෙනු ඇතැයි ද මම බලාපොරොත්තු වෙමි.”
“ශ්රී ලංකාවේ තිරසාර හා පරිපූර්ණ සංවර්ධන ක්රියාවලියට සහාය වීම තුළින් අපගේ මිත්රත්වය සහ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම ව්යාපෘතිය සමත් වනු ඇතැයි මම විශ්වාස කරමි,” යනුවෙන් තානාපති ඉසොමත මැතිතුමා ප්රකාශ කළේය.
තවද “මේ සම්බන්ධයෙන් ශ්රී ලංකා රජය දරන උත්සාහයන්ට සමගාමීව, වෛද්ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට සහ තිරසාර සෞඛ්ය සේවා පද්ධතියක් ගොඩනැගීමට ශ්රී ලංකාවට අඛණ්ඩව සහාය වීමට ජපානය සූදානමින් සිටී.” යනුවෙන් තානාපති තුමා පැවසීය.

ශ්රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සිය අදහස් දක්වමින් සඳහන් කළේ, සියලු පුරවැසියන්ගේ සෞඛ්ය සම්පන්න ජීවිතයක් සහතික කිරීම සඳහා ශ්රී ලංකාවේ සෞඛ්ය අංශය ප්රධාන ක්ෂේත්ර තුනක් ඔස්සේ ශක්තිමත් කෙරෙමින් පවතින බවයි. නොමිලේ සෞඛ්ය සේවාව ජනතාවට වඩාත් සමීප කිරීම, ලොව දියුණුම වෛද්ය උපකරණ සහ වෛද්ය ක්රමවේද හඳුන්වා දීම මෙන්ම ක්රමවත් කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම එම ප්රධාන ක්ෂේත්ර තුන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එසේම, රට තුළ ශක්තිමත් සෞඛ්ය සේවාවක් පවත්වාගෙන යාම සඳහා අවශ්ය මානව සම්පත් සංවර්ධනය කිරීමට දීර්ඝ කාලයකට පසු පියවර ගෙන ඇති බව ද ජනාධිපතිවරයා ප්රකාශ කළේය.
මෙම ව්යාපෘතිය යටතේ, ත්රිකුණාමලය දිස්ත්රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ උත්සවය ද මෙදිනම පැවැත්විණි.