වදඉකො දඉගෙන්-ගුමි මොරටුව හා පේරාදෙණිය විශ්ව විද්යාල වෙත දහසක් දෙනා ආකර්ෂණය කරයි
2026/10/12


වෘත්තීය වදඉකො (සාම්ප්රදායික ජපන් බෙර) වාදන කණ්ඩායමක් වන 'වදඉකො දඉගෙන්-ගුමි' (Wadaiko Daigen-gumi) විසින්, ඔක්තෝබර් 6 සිට 9 දක්වා ශ්රී ලංකාවේ රැඳී සිටිමින් මොරටුව හා පේරාදෙණිය විශ්ව විද්යාල වලදී පවත්වන්නට යෙදුණු ප්රසංගවලදී දහසක පමණ ප්රේක්ෂක පිරිසක් සිය වාදනයෙන් මන්මත් කරවීමට සමත්විය.


ජපානයේ සිට පැමිණි ශිල්පීන් සමගින් එක්වූ විශ්ව විද්යාල සිසුන්, පීඨ සාමාජිකයින්, පාසල් සිසුන් සහ අනෙකුත් ප්රේක්ෂකයින්, සාම්ප්රදායික වදඉකො වාදනයන් හි විශ්මයජනක හා ගතික රිද්මයන් ආශ්වාදනය කරන ලදී. ජපාන තානාපති කාර්යාලය සහ අදාළ විශ්වවිද්යාල විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන් මගින්, ජපන් සංස්කෘතිය සෘජුවම අත්විඳීමට ප්රේක්ෂකයන්ට අවස්ථාව සලසා දෙන ලදී. මෙම අවස්ථාවන් සඳහා නිල ගුවන් ගමන් සහකරු ලෙස කටයුතු කළ ශ්රීලංකන් ගුවන්සේවය (SriLankan Airlines) වෙත, ඔවුන් දැක්වූ වටිනා සහයෝගය වෙනුවෙන් තානාපති කාර්යාලය සිය කෘතඥතාව පළ කරයි.
