සේවකයෙකු ලෙස ඔබට ලැබෙන උපකාරක පද්ධතින්
日本語
English
Filipino
ភាសាខ្មែរ
नेपाली
မြန်မာဘာသာစကား
Монгол хэл
Bahasa Indonesia
Tiếng Việt
ภาษาไทย
简体中文
বাাংলা
O`zbek
اردو
हिंदी
Bahasa Melayu
ພາສາລາວ
Кыргыз тили
Тоҷикӣ
සේවකයෙකු ලෙස ඔබට ලැබෙන උපකාරක පද්ධතින්
* මෙම විස්තරය SSW (i) ට අදාළ වේ.
SSW (i) හි එක් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ජපානය පැත්තෙන් ඇති නොමසුරු උපකාරක පද්ධතියයි. SSW (i) ලෙස ජපානයට පැමිණෙන ඕනෑම කෙනෙකුට ඔවුන්ගේ සේවායෝජකයින්ගෙන් පහත දැක්වෙන සහාය ලබා ගත හැකි අතර, එමගින් බියෙන් සැකෙන් තොරව වැඩ කිරීමට හැකි වේ.
1. ජපානයට පැමිණීමට පෙර, ජපානයේ ජීවත්වීම පිළිබඳව හුරුපුරුදු භාෂාවකින් ඔබට මග පෙන්වීමක් ලැබෙනු ඇත.
2. ඔබ ජපානයට පැමිණෙන විට, ඔබව ගුවන් තොටුපලේදී සාදරයෙන් පිළිගනුු ලබන අතර, ඔබ නැවත මව් රටට යන විට, ඔබව ගුවන් තොටුපළට ඇරලවනු ලැබේ.
3. නිවසක් කුලියට ගැනීම සහ බැංකු ගිණුමක් ආරම්භ කිරීම මෙන්ම ජපානයේ ජංගම දුරකථනයක් සහ වෙනත් ජීවිතයට අත්‍යවශ්‍ය ක්‍රියාවන් සඳහා සහාය ලබා දේ.
4. ඔබට ජපානයේ ජීවත් වීමට උපකාර වීම සඳහා, ජපන් සමාජයේ නීති රීති සහ පුරුදු, ජපානයේ ප්‍රවාහන පහසුකම් භාවිතා කරන ආකාරය සහ භූමිකම්පා වැනි ස්වාභාවික විපත් ඇති වූ විට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳ විස්තර වැඩසටහන් පවත්වන්නෙමු.
5. ඔබේ ප්‍රාදේශීය නගර සභා බල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලෙස ලියාපදිංචි වීම, බදු වැනි ක්‍රියා පටිපාටි සහ ලේඛන සකස් කිරීම සඳහා ද සහාය ලබා ගත හැකිය.
6. ජපන් භාෂාව පිළිබඳ වැඩිදුර අධ්‍යයනයට ද ඔබට සහාය ලැබේ.
7. ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම්, උපදෙස් ලබා ගැනීම සඳහා ඔබේ මව් භාෂාවෙන් හෝ ඉංග්‍රීසියෙන් උපදෙස් ලබා ගත හැකිය.
8. ජපන් ජනතාව සමඟ අන්‍යෝන්‍ය සබඳතා පැවැත්වීමට ඇති අවස්ථාවන්ගෙන් ද ඔබට ප්‍රතිලාභ ලැබෙනු ඇත. එමනිසා ඔබට යුහුසුළුව ජපන් සමාජය සමඟ වඩාත් සමීප විය හැකිය.
9. ඔබේ සේවායෝජකයාගේ හේතුමත ඔබට රැකියාවෙන් ඉවත් වීමට සිදුවේ නම්, නව රැකියා ස්ථානයක් සොයා ගැනීමට අපි ඔබට උදව් කරන්නෙමු.
10. විවිධ කාරණා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සමාගම්වල SSW අයගේ උපකාරක නායකයින් සමඟ අපි නිතිපතා රැස්වීම් පවත්වන්නෙමු.
පිළිගැනීමේ සංවිධාන පිළිබඳව
1. විදේශිකයන්ට සත්කාරකත්වය සැපයීම සඳහා ඇති පිළිගැනීමේ සංවිධානවල නිර්ණායක
- ①විදේශිකයන් සමඟ ඇතිකර ගන්නා රැකියා ගිවිසුම සුදුසු එකක් වීම
- ②තම පිළිගැනීමේ සංවිධානය ද සුදුසු එකක් වීම (උදා: පසුගිය වසර 5 තුළ සංක්‍රමණ හෝ කම්කරු නීති උල්ලංඝනය නොකිරීම)
- ③විදේශිකයන්ට සහාය දැක්වීමේ ක්‍රමවේදයන් තිබීම (උදා: විදේශිකයාට තේරුම් ගත හැකි භාෂාවකින් සහාය ලබා දිය හැකි වීම)
- ④විදේශිකයන්ට සහාය දැක්වීමේ සැලසුම් කාලෝචිත වීම (උදා: දෛනික ජීවිතය වැනි දෑ පිළිබඳ විස්තර වැඩසටහන ඇතුළුව)
2. පිළිගැනීමේ සංවිධානවල වගකීම්
- ①විදේශිකයන් සමඟ ඇතිකරගත් රැකියා ගිවිසුමේ ඇති කොන්දේසි ඉෂ්ට කිරීම (උදා: වැටුප් සුදුසු පරිදි ගෙවීම)
- ②විදේශිකයන්ට සුදුසු පරිදි සහාය ලබා දීම
→ලියාපදිංචි වී ඇති උපකාරක සංවිධානයක් මගින් උපකාරක සේවාවන් බාහිරින් ලබා ගත හැකිය.
සියලුම සේවාවන් බාහිරින් ලබා ගන්නේ නම්, 1③ හි කොන්දේසි ද සපුරාලනු ලැබේ. - ③ආගමන සේවා ඒජන්සිය වෙත ඉදිරිපත් කරන විවිධ පෝරමයන්
සටහන: ① සිට ③ දක්වා වූ වගකීම් ඉටු කිරීමට අපොහොසත් වන සංවිධානවලට විදේශිකයන් පිළිගැනීමට අවසර නොදෙන අතර, ආගමන සේවා ඒජන්සියෙන් මාර්ගෝපදේශ හෝ වැඩිදියුණු කිරීමේ නියෝග ලැබෙනු ඇත.
ලියාපදිංචි උපකාරක සංවිධාන පිළිබඳව
1. ලියාපදිංචි කිරීමේ නිර්ණායක
- ①තම පිළිගැනීමේ සංවිධානය ද සුදුසු එකක් වීම (උදා: පසුගිය වසර 5 තුළ සංක්‍රමණ හෝ කම්කරු නීති උල්ලංඝනය නොකිරීම)
- ②විදේශිකයන්ට සහාය දැක්වීමේ ක්‍රමවේදයන් තිබීම (උදා: විදේශිකයාට තේරුම් ගත හැකි භාෂාවකින් සහාය ලබා දිය හැකි වීම)
2. ලියාපදිංචි උපකාරක සංවිධානවල වගකීම්
- ①විදේශිකයන්ට සුදුසු පරිදි සහාය ලබා දීම
- ②ආගමන සේවා ඒජන්සිය වෙත ඉදිරිපත් කරන විවිධ පෝරමයන්
සටහන: වගකීම් ① හෝ ② ඉටු කිරීමට අපොහොසත් වන සංවිධානවල ලියාපදිංචිය අවලංගු විය හැක.

ජපානයේ වඩාත් පළපුරුදු SSW තැනැත්තන්ව හඳුන්වාදීම
පහත දැක්වෙන වීඩියෝව 2022 වසරේ මාර්තු මාසයේ දී නිර්මාණය කරන ලදී. 2024 වසරේ අප්‍රේල් මස සිට,[යන්ත්‍ර කොටස් සහ මෙවලම් කර්මාන්තය] [කාර්මික නිපැයුම් නිෂ්පාදන කර්මාන්තය] ලෙස වෙනස් කරනු ලැබ ඇත.


















