SSW ලෙස ජපානයේ රැකියාවටරැකියාවට යාමට පෙර

ක්‍රියාවලිය පිළිබඳ පුළුල් දළ විශ්ලේෂණයක්

SSW ලෙස ජපානයේ වැඩ කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ පුළුල් දළ විශ්ලේෂණයක් පහතින් දැක්වේ. (පහත සඳහන් ෆ්ලෝචාර්ට් එක මගින් SSW (i) විස්තර කෙරේ.) කෙසේ වෙතත්, රට අනුව ක්‍රියා පටිපාටි සුළු වශයෙන් වෙනස් වන බව කරුණාවෙන් සලකන්න. ඇතැම් රටවල ඔවුන්ගේම දේශීය ක්‍රියා පටිපාටි ඇත (විස්තර සඳහා කරුණාකර එක් එක් රටේ ඇති ජපාන තානාපති කාර්යාලය හෝ සේවකයින් විදේශගත කිරීම භාරව සිටින ඔබේ මව් රටේ ඒජන්සිය අමතන්න).

ජපානයේදී

සම්බන්ධතා ස්ථානය ජපානයේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදී ජනරජයේ තානාපති කාර්යාලය
ලිපිනය 2-1-54, Takanawa, Minato-Ku, Tokyo 108-0074
දුරකථන අංකය 03-3440-6911
03-3440-6912
ෆැක්ස් අංකය 03-3440-6914
විද්ය්‍රත් තැපෑල tokyojp@lankaembassy.jp
ඔවුන්ට ප්‍රතිචාර දැක්විය හැකි භාෂාව ජපන් භාෂාව,ඉංග්‍රිසි භාෂාව,සිංහල භාෂාව

ශ්‍රී ලංකාව

සම්බන්ධතා ස්ථානය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
ලිපිනය 10120 234, Dencilkibbekaduwa, Maatha, Koswattha, Battharamulla, Sri Lanka
දුරකථන අංකය +94-112884-771
+94-716833-494
ෆැක්ස් අංකය +94-112872-183
විද්ය්‍රත් තැපෑල dgm_training@slbfe.lk
randeniya.mangala@yahoo.com
ඔවුන්ට ප්‍රතිචාර දැක්විය හැකි භාෂාව ජපන් භාෂාව,ඉංග්‍රිසි භාෂාව,සිංහල භාෂාව,දෙමළ භාෂාව
පළමුව, විදේශිකයාගේ පුද්ගලිකව සැපිරිය යුතු අවශ්‍යතා පහත පරිදි වේ. අවම වශයෙන් වයස අවුරුදු 18 විය යුතුය, නිපුණතා පරීක්ෂණය සහ ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සමත් විය යුතුය (තාක්‍ෂණික සේවාස්ථ පුහුණුව (ii) සාර්ථකව සම්පූර්ණ කළ විදේශිකයින් මෙයින් නිදහස් කෙරේ), විශේෂිත නිපුණතා සේවකයෙකු (i) ලෙස වසර 5 ක් හෝ ඊට වැඩි කාලයක් පදිංචිව නොසිටීම, ආරක්‍ෂක තැන්පතු මුදලක අයකරගැනීමක් නොමැති විය යුතු අතර, මූල්‍යමය දඬුවම් නියම වන ගිවිසුමකට අත්සන් තබා නොතිබිය යුතුය, තමන් විසින් දරන වියදම් ඇත් නම්, ඒවායේ අන්තර්ගතය පිළිබඳ පූර්ණ අවබෝධයක් තිබිය යුතුය.SSW ලෙස ජපානයේ වැඩ කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ පුළුල් දළ විශ්ලේෂණයක් පහතින් දැක්වේ. විදේශයන්හි (නිපුණතා හා ජපන් භාෂා) පරීක්ෂණ (තාක්‍ෂණික සේවාස්ථ පුහුණුව (ii) සාර්ථකව නිම කළ විදේශිකයින් මින් නිදහස් කෙරේ) සමත් වීමෙන් පසු ජපානයට නව ප්‍රවේශයක් ලබා ගැනීමට අදහස් කරන විදේශිකයින්, සෘජුවම හෝ පෞද්ගලික රැකියා ඒජන්සිවලින් රැකියා සොයන සේවා භාවිතා කිරීම මගින් හෝ, රැකියාවකට අයදුම් කිරීමෙන් පසු, පිළිගැනීමේ සංවිධානය සමඟ රැකියා ගිවිසුමකට අත්සන් තැබිය යුතුය.ඉන් පසුව, පදිංචිය පිළිබඳ තත්වය සඳහා වන සුදුසුකම් සහතිකයක් නිකුත් කිරීම සඳහා ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් (පිළිගැනීමේ සංවිධානයේ කෙනෙකු ඔබ වෙනුවෙන් කරන අයදුම් කිරීම) පසු, ප්‍රාදේශීය ආගමන සේවා කාර්යාංශය විසින් පදිංචිය පිළිබඳ තත්වය සඳහා වන සුදුසුකම් සහතිකය පිළිගැනීමේ සංවිධානයට යවනු ලැබේ. ඊළඟට, පිළිගැනීමේ සංවිධානය විසින් ඔබ වෙත එවන ලද පදිංචිය පිළිබඳ තත්වය සඳහා වන සුදුසුකම් සහතිකය ජපන් තානාපති කාර්යාලයට හෝ කොන්සියුලර් ජනරාල් වෙත ඉදිරිපත් කර, වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන්න. මෙය පරීක්ෂා කර අනුමත කිරීමෙන් පසුව, ඊළඟ පියවර වන්නේ වීසා බලපත්‍රයක් නිකුත් කිරීම, ජපානයට ඇතුළු වීම සහ පිළිගැනීමේ සංවිධානයේ වැඩ ආරම්භ කිරීමයි.

  • ※1විශේෂිත කාර්මික ක්ෂේත්‍රයේ රැකියා කාණ්ඩයට අදාළ පරීක්ෂණය
  • ※2- මූලික ජපන් භාෂාව සඳහා ජපන් පදනම් පරීක්ෂණය (ජපන් පදනම)
    - ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය (N4 මට්ටම හෝ ඊට වැඩි) (ජපන් පදනම සහ ජපන් අධ්‍යාපන හුවමාරු සහ සේවා)
  • ※3 ◯ අවම වශයෙන් වයස අවුරුදු 18 විය යුතුය
    ◯ නිපුණතා පරීක්ෂණය සහ ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සමත් විය යුතුය (තාක්‍ෂණික සේවාස්ථ පුහුණුව (ii) සාර්ථකව සම්පූර්ණ කළ විදේශිකයින් මෙයින් නිදහස් කෙරේ)
    ◯ විශේෂිත නිපුණතා සේවකයෙකු (i) ලෙස වසර 5 ක් හෝ ඊට වැඩි කාලයක් පදිංචිව නොසිටීම
    ◯ ආරක්‍ෂක තැන්පතු මුදලක අයකරගැනීමක් නොමැති විය යුතු අතර, මූල්‍යමය දඬුවම් නියම වන ගිවිසුමකට අත්සන් තබා නොතිබිය යුතුය
    ◯ තමන් විසින් දරන වියදම් ඇත් නම්, ඒවායේ අන්තර්ගතය පිළිබඳ පූර්ණ අවබෝධයක් තිබිය යුතුය.
    යනාදිය
  • ※4 ◯ පිළිගැනීමේ සංවිධානය යනාදිය මගින් මෙහෙයවනු ලබන දෛනික ජීවිතය පිළිබඳ විස්තර වැඩසටහනට සහභාගීවන්න
    ◯ ඔබ පදිංචි ස්ථානයේ නාගරික සභාවේ පදිංචිකරුවෙකු ලෙස ලියාපදිංචි වන්න
    ◯ වැටුප් ගෙවීම සඳහා බැංකු ගිණුමක් විවෘත කරන්න
    ◯ නිවාසයක් සොයාගන්න
    යනාදිය

පරීක්ෂණයපිළිබඳව

①ජපන් භාෂා ප්‍රවීණතාව මැනීම සඳහා වූ පරීක්ෂණය (SSW (i) පමණි)

විශේෂිත නිපුණතා සේවක (i) යන පදිංචිය පිළිබඳ තත්වය ලබා ගැනීම සඳහා, ඔබ ජපානයේ හෝ වෙනත් රටක පවත්වනු ලබන මූලික ජපන් භාෂාව සඳහා වූ ජපන් භාෂා පදනම් පරීක්ෂණය (JFT-Basic) හෝ ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණයේ (JLPT) N4 මට්ටම සමත් විය යුතුය. (SSW (ii) සඳහා අවශ්‍ය නොවේ)

* හෙද සත්කාර කටයුතු සඳහා, ඔබ හෙද සත්කාර ජපන් භාෂා ඇගයීම් පරීක්ෂණයෙන් ද සමත් විය යුතුය.

②නිපුණතා පරීක්ෂණ

විශේෂිත නිපුණතා සේවක යන පදිංචිය පිළිබඳ තත්වය ලබා ගැනීම සඳහා, එක් එක් කාර්මික ක්ෂේත්‍රය සඳහා ජපානයේ හෝ වෙනත් රටක පවත්වනු ලබන නිපුණතා පරීක්‍ෂණයකින් සමත් විය යුතුය.

ජපානයේ වඩාත් පළපුරුදු SSW තැනැත්තන්ව හඳුන්වාදීම

පහත දැක්වෙන වීඩියෝව 2022 වසරේ මාර්තු මාසයේ දී නිර්මාණය කරන ලදී. 2024 වසරේ අප්‍රේල් මස සිට,[යන්ත්‍ර කොටස් සහ මෙවලම් කර්මාන්තය] [කාර්මික නිපැයුම් නිෂ්පාදන කර්මාන්තය] ලෙස වෙනස් කරනු ලැබ ඇත.

Blossom! in Japan.

පහත දැක්වෙන වීඩියෝව 2022 වසරේ මාර්තු මාසයේ දී නිර්මාණය කරන ලදී. 2024 වසරේ අප්‍රේල් මස සිට විශේෂිත කාර්මික ක්ශේත්‍රය, ක්ශේත්‍ර 16 කින් සමන්විතයි.

  • Play movie in a new window:14 in demand occupations
  • Play movie in a new window:Specified Skilled Workers supported in work & life
  • Play movie in a new window:utilize your skills experience
Page Top