SSW පදිංචිය පිළිබඳ තත්වය යනු කුමක්ද?
日本語
English
Filipino
ភាសាខ្មែរ
नेपाली
မြန်မာဘာသာစကား
Монгол хэл
Bahasa Indonesia
Tiếng Việt
ภาษาไทย
简体中文
বাাংলা
O`zbek
اردو
हिंदी
Bahasa Melayu
ພາສາລາວ
Кыргыз тили
Тоҷикӣ
SSW පදිංචිය පිළිබඳ තත්වය යනු කුමක්ද?
වීසා සහ පදිංචිය පිළිබඳ තත්වය
සාමාන්‍ය රීතියක් ලෙස, ජපානයට ඇතුළු වීමට අදහස් කරන විදේශිකයන් හට, විදේශ රටක ඇති ජපන් තානාපති කාර්යාලයක් (විදේශ කටයුතු අමාත්‍යාංශය) මගින් වීසා බලපත්‍රයක් නිකුත් කළ යුතුය. කෙසේ වෙතත්, හුදෙක් වීසා බලපත්‍රයක් තිබු පමණින්ම ජපානයට ඇතුළු වීම සහතික නොකෙරේ. ඔබ ජපානයට පැමිණෙන විට, අධිකරණ අමාත්‍යාංශයේ ආගමන සේවා ඒජන්සිය විසින් ගුවන්තොටුපල ආදියේ දී ඔබව අදාළ පරීක්ෂණවලට භාජනය කරනු ලැබේ, එබැවින් ඔබ ජපානයේ දී කිරීමට අදහස් කරන ක්‍රියාකාරකමට අනුකූල වන, පදිංචිය පිළිබඳ තත්වයක් ලබා ගැනීමට ඔබට අවශ්‍ය වනු ඇත. මේ අනුව, "වීසා" සහ "පදිංචිය පිළිබඳ තත්වය" යනු වෙනත් ආයතනවල පාලනය යටතේ පවතින වෙනමම ක්‍රියා පටිපාටි වේ. මෙම පිටුවේ ඉදිරිපත් කර ඇති SSW ක්‍රමවේදය යනු අලුතින් ස්ථාපිත කර ඇති පදිංචිය පිළිබඳ තත්වයකි.
SSW සඳහා "විශේෂිත නිපුණතා සේවක" - (i) සහ (ii) යන වර්ග දෙකක් ඇත.
SSW හි විශේෂාංග
SSW ලෙස ජපානයේ වැඩ කිරීමට සුදුසුකම් ඇති අය, අවම වශයෙන් වයස අවුරුදු 18 ක් විය යුතුය. තවද හොඳ සෞඛ්‍ය තත්වයකින් යුක්ත විය යුතු අතර, පූර්ව පුහුණුවක් ලබා නොගෙන වහාම වැඩ ආරම්භ කිරීමට හැකිවන සේ කුසලතා තිබිය යුතුය.
අහම්බෙන් මෙන්, අන්තර්ජාතික දායකත්වය සඳහා පිහිටුවා ඇති "තාක්‍ෂණික සේවාස්ථ පුහුණු" නමින් තවත් ක්‍රමවේදයක් ඇති අතර, මෙහිදී සේවකයින් ජපානයේ රැකියා නියුක්ත පුහුණුව තුළින් විවිධ ශිල්ප ක්‍රම ඉගෙන ගන්නා අතර, නැවත සිය මව් රටට ගිය පසු ජපන් තාක්‍ෂණික ප්‍රවීණතාව බෙදා ගනී. මෙම ක්‍රමය යටතේ යම් පුහුණුවක් සාර්ථකව සම්පූර්ණ කර ඇති අයට, රැකියා කුසලතා සහ ජපන් භාෂා ප්‍රවීණතාව පිළිබඳ පරීක්‍ෂණයක් නොකරම, පදිංචිය පිළිබඳ තත්වය එම ක්ෂේත්‍රයේ SSW (i) වෙත මාරු කිරීමට ක්‍රමයක් තිබේ. SSW (i) සහ (ii) අතර ඇති ප්‍රධාන වෙනස්කම් සඳහා පහත සඳහන් රූපය පරිශීලනය කරන්න.
විශේෂිත නිපුණතා සේවක
SSW (i) :විශේෂිත කාර්මික ක්‍ෂේත්‍රයක සැලකිය යුතු දැනුමක් හෝ පළපුරුද්දක් අවශ්‍ය වන නිපුණතා ඉල්ලා සිටින රැකියාවල නියුතු විදේශිකයන් සඳහා පදිංචිය පිළිබඳ තත්වය
SSW (ii) : විශේෂිත කර්මාන්ත ක්ෂේත්‍රවල, ප්‍රවීණ කුසලතා අවශ්‍ය රැකියාවල නිරත වීම සඳහා විදේශිකයන් වෙනුවෙන් වූ පදිංචිය පිලිබඳ තත්වයකි.
| ජපානයේ රැඳී සිටින කාලය | SSW (i) : එකතුව වසර 5ක් දක්වා SSW (ii) : අලුත් කිරීම මගින් නේවාසිකව රැඳී සිටීමේ සීමා නොමැත |
|---|---|
| නිපුණතා මට්ටම | SSW (i) : පරීක්ෂණයෙන් තහවුරු කෙරේ (තාක්‍ෂණික සේවාස්ථ පුහුණු (ii) සම්පූර්ණ කළ විදේශිකයින් පරීක්ෂණයෙන් නිදහස් කෙරේ) SSW (ii) : පරීක්ෂණ ආදිය මගින් තහවුරු කෙරේ |
| ජපන් භාෂා ප්‍රවීණතා මට්ටම | SSW (i) : එදිනෙදා ජීවිතයට, රැකියාව ආදිය සඳහා අවශ්‍ය ජපන් භාෂා ප්‍රවීණතාවය පරීක්ෂණයෙන් සනාථ කෙරේ SSW (ii) : පරීක්ෂණ ආදිය මගින් තහවුරු කිරීම අවශ්‍ය නොවේ |
| පවුලේ අය සමඟ පැමිණීම | SSW (i) : මූලික වශයෙන් අවසර නැත SSW (ii) : අවශ්‍යතා සම්පුර්ණ වන්නේ නම්, කල හැක ( කලත්‍රයා, දරුවන්) |
SSW (i) පිළිගැනීමේ සංවිධාන හෝ ලියාපදිංචි උපකාරක සංවිධානවල සහාය ලැබීමට සුදුසුකම් ලබයි
ජපානයේ SSW ලෙස වැඩ කිරීමට ඔබට ඉඩ සලසන වෘත්තීන්
එක් එක් කර්මාන්ත කාණ්ඩ 16 සඳහා, SSW ලෙස වැඩ කිරීමට ඔබට ඉඩ සලසන විශේෂිත රාජකාරි පහත දක්වා ඇත.
SSW 1 කොටසට මෙම ක්ශේත්‍ර පමණක් ඇතුලත් වේ. [ හෙද රැකවරණය] [මෝටර් රථ ප්‍රවාහන කර්මාන්තය] [දුම්රිය] [වන වගාව] [දැව කර්මාන්තය]
සෞඛ්‍ය, කම්කරු හා සුභසාධන අමාත්‍යාංශ පාලනය යටතේ
-

හෙද රැකවරණයශාරීරික සත්කාර වලට අමතරව (පරිශීලකයාගේ ශාරීරික හා මානසික තත්වයන් අනුව ස්නානය කිරීම, ආහාර ගැනීම, බහිර්ස‍්‍රාවය කිරීම ආදියට සහය වීම), මේ හා සම්බන්ධ ඕනෑම උපකාරක සේවාවන් (විනෝදය, ක්‍රියාකාරී පුහුණුව සඳහා ආධාර ආදිය)
-

ගොඩනැගිලි පිරිසිදු කිරීමගොඩනැගිලි අභ්‍යන්තරය පිරිසිදු කිරීම
ආර්ථික, වෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශයේ පාලනය යටතේ
-

කාර්මික නිපැයුම් නිෂ්පාදන කර්මාන්තය ・යාන්ත්‍රික සහ ලෝහ සැකසුම්
・විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපකරණ එකලස් කිරීම
・ලෝහ මතුපිට ආරක්ෂණ ක්‍රියාවලිය
・කඩදාසි පෙට්ටි, කාඩ් බෝඩ් පෙට්ටි සැකසීම
・කොන්ක්‍රීට් නිපැයුම් නිෂ්පාදන
・ව්‍යුත්පන්න කඩදාසි සහ ප්ලාස්ටික් ඝන ඉන්දන බැහැරකිරීමේ නිෂ්පාදන
・පිඟන් කෝප්ප සහ විසිතුරැ සෙරමික් නිපැයුම් නිෂ්පාදන
・මුද්‍රණය කිරීම, පොත් බැඳීම
・රෙදිපිලි නිපැයුම් නිෂ්පාදන
・මැහුම් කර්මාන්තය
ඉඩම්, යටිතල පහසුකම්, ප්‍රවාහන හා සංචාරක අමාත්‍යාංශයේ පාලනය යටතේ
-

ඉදිකිරීම්・සිවිල් ඉන්ජිනේරු
・ගොඩනැගිලි ඉදිකිරීම්
・යටිතල පහසුකම් සහ උපකරණුු -

නැව් තැනීම සහ සමුද්‍ර යන්ත්‍රෝපකරණ කර්මාන්තය・නැව් තැනීම්
・නාවික යන්ත්‍රෝපකරණ
・නාවික විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපකරණ -

මෝටර් රථ අලුත්වැඩියාව සහ නඩත්තුවමෝටර් රථ දෛනික නඩත්තුව, නිත්‍ය නඩත්තුව, සහතික කළ නඩත්තුව, අහඹු ලෙස සහතික කළ නඩත්තු කටයුතුු
-

ගුවන්ගුවන්තොටුපල භූමියේ හැසිරවීම (භූමි රියදුරු ආධාරක සේවා, ගමන් මලු / භාණ්ඩ හැසිරවීමේ සේවා ආදිය), ගුවන් යානා නඩත්තු කිරීම (ගුවන් යානා සහ උපකරණ නඩත්තු සේවා, ආදිය)
-

නවාතැන්පිළිගැනීමේ කටයුතු, සැලසුම් කිරීම සහ මහජන සම්බන්ධතා, පාරිභෝගික සේවය, ආපනශාලා සේවය ඇතුළු නවාතැන් ආශ්‍රිත සේවාවන් සැපයීම
-

මෝටර් රථ ප්‍රවාහන කර්මාන්තය・ට්‍රක්රථ රියදුරු
・ටැක්සි රථ රියදුරු
・බස් රථ රියදුරු -

දුම්රිය・ධාවන පථ ඉදිකිරීම සහ නඩත්තු කිරීම
・විදුලි පහසුකම් ඉදිකිරීම සහ නඩත්තු කිරීම
・රෝලිං කොටස් නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීම
・රෝලිං කොටස් නිෂ්පාදනය
・දුම්රිය මෙහෙයුම් කටයුතු (රියදුරු කොන්දොස්තරවරුන් සහ දුම්රිය / මෝටර් රථ මෙහෙයුම්වල සෘජුව නියැලී සිටින කම්කරුවන්)
කෘෂිකර්ම, වන විද්‍යා හා ධීවර අමාත්‍යාංශයේ පාලනය යටතේ
-

කෘෂිකර්මයසාමාන්‍ය බෝග ගොවිතැන (බෝග කළමනාකරණය, එකතු කිරීම / නැව්ගත කිරීම / කෘෂිකාර්මික නිෂ්පාදන තෝරා ගැනීම ආදිය), සාමාන්‍ය පශු සම්පත් ගොවිතැන (ආහාර කළමනාකරණය, එකතු කිරීම / නැව්ගත කිරීම / පශු සම්පත් නිෂ්පාදන තෝරා ගැනීම ආදිය)
-

ධීවර හා ජලජීවී වගාවධීවර කර්මාන්තය (ධීවර ආම්පන්න නිෂ්පාදනය / අළුත්වැඩියා කිරීම, ජලජ සත්ව හෝ පැලෑටි සෙවීම, ධීවර ආම්පන්න / ධීවර යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කිරීම, ජලජ සත්ව හා පැලෑටි එකතු කිරීම, සැකසීම / ගබඩා කිරීම ඇල්ලීම, ආරක්ෂාව සහ සෞඛ්‍යය සහතික කිරීම යනාදිය), ජලජීවී වගාව (ජලජීවී වගා උපකරණවල නිෂ්පාදනය / අළුත්වැඩියා කිරීම / කළමනාකරණය, ජලජීවී සතුන් සහ පැලෑටි වගා කිරීම / අස්වනු නෙලීම / සැකසීම කළමනාකරණය කිරීම, සෞඛ්‍යය හා ආරක්ෂාව සහතික කිරීම යනාදිය)
-

ආහාර පාන නිෂ්පාදනසාමාන්‍ය ආහාර පාන නිෂ්පාදනය (ආහාර පාන නිෂ්පාදනය හා සැකසීම (මධ්‍යසාර හැර), සෞඛ්‍ය සහ ආරක්ෂාව)
-

ආහාර සේවා කර්මාන්තයසාමාන්‍ය ආහාර සේවා (ආහාර පාන සකස් කිරීම, පාරිභෝගික සේවය, ගබඩා කළමනාකරණය)
-

වන වගාවවනවගාව (වනවගාවට ආශ්‍රිත ද්‍රව්‍ය නිෂ්පාදනය)
-

දැව කර්මාන්තයලී මෝල් කර්මාන්තය, ප්ලයිවුඩ් නිෂ්පාදන කර්මාන්තයට අදාළ දැව සැකසීම යනාදිය
ජපානයේ වඩාත් පළපුරුදු SSW තැනැත්තන්ව හඳුන්වාදීම
පහත දැක්වෙන වීඩියෝව 2022 වසරේ මාර්තු මාසයේ දී නිර්මාණය කරන ලදී. 2024 වසරේ අප්‍රේල් මස සිට,[යන්ත්‍ර කොටස් සහ මෙවලම් කර්මාන්තය] [කාර්මික නිපැයුම් නිෂ්පාදන කර්මාන්තය] ලෙස වෙනස් කරනු ලැබ ඇත.




















